• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාසනාව දෙපා ළඟට ගෙනෙන යෝගයක්…

February 28, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
වාසනාව දෙපා ළඟට ගෙනෙන යෝගයක්…
Share on WhatsAppShare on Facebook

කේන්දරයක විවිධ යෝග පිහිටීම් දක්නට ලැබේ. ඒ ඇතැම් යෝග ජන්මියාට වාසනාව කරපින්නාගෙන එන ග්‍රහ සම්බන්ධතාවයක් බව ජ්‍යොතිෂයේ මනාව සඳහන් වෙයි. එහෙයින් ඒ ඒ ජන්මීන්ට වාසනාව ළඟාකරන පහත සඳහන් යෝග එකක් හෝ කිහිපයක් ඔබටත් තිබේදැයි පරීක්‍ෂා කර බලන්න. එසේ තිබේ නම් ඉන් ඔබට ලැබෙන ඵලප්‍රයෝජන මොනවාද යන්නත් දැනහඳුනා ගන්න.

කුසුම යෝගය

කේන්දරයේ ගුරු ග්‍රහයා ලග්නයේත් සඳු හත්වැන්නේත්, රවි දෙවැන්නේත් පිහිටීමෙන් උදාවෙන කුසුම යෝගය ඇත්තන් තමන් ජීවත් වන ප්‍රදේශයට, පළාතට, ආයතනයකට, ප්‍රධානියකු වීමට වාසනාව ඇත්තේය. ඥාති මිත්‍රයින්ට හිතවත් රටට, ගමට වැඩදායී, අයකුද වේ. යම් ලෙසකට තනතුරක්, බලයක් හිමි නොවුණහොත් ප්‍රදේශයේ කැපී පෙනෙන චරිතයක් ඇත්තෙකු වීමට වාසනාව ලැබේ.

ගාන්ධර්ව යෝගය

කේන්දරයේ 10 වැන්න අධිපතියා 3, 7, 11 යන ස්ථානයක ලග්නාධිපති සමග ගුරු යෝග වී රවි ග්‍රහයා උච්ච වී සඳු ග්‍රහයා 9 වැන්නේ පිහිටීමෙන් උදාවෙන ගාන්ධර්ව යෝගය ඇත්තන් අලංකාරයට ප්‍රිය වේ. කලාවේ නිපුණයන්ද. විනෝදයට ප්‍රිය වූවන්ද වේ.

මේ අය කාමාශාවේ අතිශය ජනප්‍රිය තරු බවට පත්වේ. එයින් සියලු යසඉසුරු ලබන්නට වාසනාව ඇත්තේය. දිනෙන් දින ප්‍රසිද්ධියට පත්වෙති.

ශරද යෝගය

කේන්දරයක රවි ග්‍රහයා ස්වක්‍ෂේත්‍රවද, බුධ ග්‍රහයා කේන්ද්‍රස්ථානයකද, දහය අධිපතියා පස් වැන්නේද, සිටියදී බුධගෙන් ත්‍රිකෝණ ස්ථානයක කුජ ග්‍රහයාද, සඳුගෙන් ත්‍රිකෝණ ස්ථානයක ගුරු ග්‍රහයාද යෙදීමෙන් ශරද යෝගය උදාවෙන අතර, මේ යෝග හිමියන් පවුලේ අයට දැඩිව ඇලුම් කරන්නන් බවට ප්‍රකටය. ඔවුන්ට හොඳින් සලකයි. සාහිත්‍යයට, ලලිත කලාවන්ට ප්‍රිය වෙයි. ඉන් රටත්, ලෝකයත් දිනයි. සිය වගකීම් නිසිලෙස ඉටුකරයි. එහෙත් සිංහ, වෘශ්චික, කන්‍යා, ධනු, මකර ලග්න හිමියන්ට මේ යෝග උදා නොවේ.

උපේන්ද්‍ර යෝගය

රවි ග්‍රහයා සිංහ රාශියේ තැන්පත් වීමෙන් උදාවෙන උපේන්ද්‍ර යෝගය හිමියන් පාලනයේ දක්‍ෂයෝය. කිසිවෙකුට හිස නොනමන එඩිතර ගති ඇත්තෝය. නායකත්වයට නියම සුදුස්සෝය. තමන් ජීවත් වන ස්ථානයට අනුව ප්‍රධානත්වයද හිමි වන්නේය.

මයුරපාල යෝගය

කේන්දරයේ රවි ග්‍රහයා මේෂ රාශියෙහි තැන්පත් වීමෙන් මයුරපාල යෝගය උදා වේ. මේ අය තරමක් මාන්නයෙන් අධිකය. උසස් තත්ත්වයකට සුදුසු අය වෙයි. ඊට මනා නිපුණතාවක් උරුම කරගනී. තනි මතයට ක්‍රියා කිරීමේ නරක ගති ඇත්තේය. අසමාන්‍යයෙන්, තේජසින් ජීවත් වන්නෝ ලෙස ප්‍රසිද්ධය.

කුලීර යෝගය

කේන්දරයේ සඳු ග්‍රහයා තමාට ස්වක්‍ෂේත්‍ර රාශිය වූ කටකයෙහි තැන්පත් වීමෙන් කුලීර යෝගය උදාවෙයි. වහා සිත උණුවන මේ පුද්ගලයන් කෘෂිකර්මාන්තයේ සහ ජලය ආශ්‍රිත රැකියාවන්ගේ නිපුණයන් වන්නේය.

මහීපාල යෝගය

කේන්දරයක කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ පිහිටීමෙන් මහීපාල යෝගය උදාවෙයි. මොවුන් දැඩි උත්සාහවන්ත පුද්ගලයන්ය. දේපොළ, ඉඩකඩම් ලැබීමේ භාග්‍ය ඇත්තේය. පොළොව හා සම්බන්ධ රැකියා කර ජය ලැබීමට වාසනාව ඇත්තේය. පතල්, ගඩොල්, උළු ආදී කර්මාන්ත ඉතා කදිමට ගැලපේ. එයින් ඉහළ ධනයක් හිමිකර ගන්නෝද වෙති.

මහෝපධ යෝගය

කේන්දරයක සිකුරු ග්‍රහයා මීන රාශියේ තැන්පත් වී එයින් මහෝපධ යෝගය උදාවේ. සමාජයේ අතිශය ජනප්‍රිය පුද්ගලයන් වන අතර යුගදිවියේ පරම සතුට, සැපත ලස්සනට, වාසනාව ඇත්තේය. මනා රූ සපුවක් ලබන අතරම කා අතරත් ජනප්‍රිය අයකු වීමටද භාග්‍ය ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් වෙතින්, ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහ ලංකා ඇල්සයිම්ර්ස් පදනමට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක්…

Next Post

HNB FINANCE, DocuSign සමඟින් e-signature ආකෘතිය හඳුන්වා දෙයි…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.