ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්්‍රලියානු සුවසේවා කවුන්සිලයේ ප්‍රමිතිකරණය ලබාගත් මෙරට ප්‍රථම රෝහල වන හේමාස් රෝහල් සමූහය සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනයන්හි සිටින රෝගීන්ට නව ජීවන හුස්මක් ලබාදෙමින් එම සැත්කම් වඩාත් සාධාරණ මිලකට සිදුකිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව විවිධ සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ රෝහල්වල ලියාපදිංචිව සිටින රෝගීන්ට තම විශේෂඥ වෛද්‍යවරයාගේ මග පෙන්වීම යටතේ හේමාස් රොහල් සමූහයට අයත් රෝහලකදී මෙම සැත්කම් සඳහා සහනදායී වට්ටමක් සහිතව වඩාත් සාධාරණ, දැරිය හැකි මිලකට සිදුකර ගතහැකි වීම මෙහි විශේෂිත වාසියයි.
0773920702 හෝ 076 302 2535 යන දුරකතන අංකයන් ඇමතීමෙන් මේ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැක.
පවතින ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ අන්තර්ජාතික මට්ටමේ සුවසේවා වෙත පිවිසීමට මහජනතාවට ඇති අවස්ථාවන් සීමාසහිත වීම හමුවේ රටේ පුරවැසියන්ගේ සුවපත් බව සිය මූලික අරමුණ කරගත් හේමාස් රෝහල් සමූහය මෙම සුවිශේෂ පියවර ගෙන ඇත.