අයිඩියල් මෝටර්ස් විසින් ‘Ideal Moksha’ නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ටි්‍රක් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දීම 2022 ජුලි 28 වැනිදා ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයකි. එමෙන්ම, වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින්ද මෙය හඳුන්වා දිය හැකිය.
උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමගින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන නිසාම මෙම රථයට ‘Moksha’ යන නම යොදා ඇත. ශ්‍රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන මෙම මෝටර් රථය පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව අතින්ද කැපීපෙනෙයි.