පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් ඉදිරියේ දී ගෑස් මිල අඩුකරන බව ලිටෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව අගෝස්තු මස 5 වනදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.
ADVERTISEMENT
“දැන් කැමති නෑ අඩුකරන මිල හරියට ම රුපියල්වලින් කියන්න. හැබැයි ඉඟියක් දෙන්නම්. පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ගාණකින් අඩු කරනවා. අපි රු 50ක් වගේ තමා වැඩි කළේ. හැබැයි ඊට වඩා අනිවාර්යයෙන්ම ගොඩක් වැඩි මුදලකින් අඩු කරනවා.”
කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ජාත්‍යන්තර මාධය වාර්තා කොට ඇත.