ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගාවලියේදී Galle gladiators කණ්ඩායම අවසන් මහා තරගය තෙක් පැමිණ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. කෙසේ වෙතත්, Galle gladiators හි සම හිමිකරුවකු වන නදීම් ඕමාර් මහතා පවසන්නේ දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස දෙවැනි තරගාවලිය තුළ නැවත වරක් වඩාත් ශක්තිමත්ව තරගවැදීමට සූදානම් වන ග්ලැඩියේටර්වරුන්ගේ ජයග්‍රහණය නියත වනු ඇති බවයි.
එමෙන්ම අසීස් අබ්දුල් රහීම් කසාමලී සහ මජීඩ් බෂීර් යන මහත්වරුන් සම හිමිකරුවන් ලෙස Galle gladiators කණ්ඩායම වෙත ශක්තිය ලබාදීමට ඉදිරිපත්ව සිටී.











