• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දගෙ පාලනය රටට ගැළපූ හැටි…

September 28, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සුද්දගෙ පාලනය රටට ගැළපූ හැටි…
Share on WhatsAppShare on Facebook

බුද්ධාගම සුරැකි මහා ගිවිසුමේ පහ වගන්තිය

ආණ්ඩුව හා බුද්ධාගම අතර පැවැති සම්බන්ධයට ඉංග්‍රීසි පාලන සමයේදී අවැඩක් වෙතැයි සිතා ඉංග්‍රීසින් සහ සිංහලයන් අතර ඇති කරගත් මහ ගිවිසුමට වගන්තියක් එක් කොට තිබිණි. එම වගන්තිය ගිවිසුමේ පස්වැනි වගන්තිය වන අතර ඊට අනුව බුද්ධාගම හා බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවට පත්විය. එහෙත් කැරැලිකරුවන්ට බෞද්ධ භික්ෂුන්ගේ සහාය පළවීම මත ඉහත වගන්තිය වෙනස් කොට බෞද්ධාගමට හා බෞද්ධ උත්සව සඳහා පෙර දැක්වූ සහයෝගය දක්වන බවට පමණක් සඳහන් කෙරිණි.

සුද්දගෙ ආරක්ෂාවට රට වටේටම බලකොටු

රටෙහි බලය තමන් සතුකර ගැනීමෙන් පසු යුදමය වශයෙන් වැදගත් සෑම තැනකම බලකොටු ගොඩනැංවීමට ඉංග්‍රීසින් කටයුතු කරන ලදී. ඒ අනුව රුවන්වැල්ල ඉද්දමල්පාන, හෙට්ටිමුල්ල, අට්ටාපිටිය, අමුණුපුරය සහ කුරුණෑගල, මාතලේ, ගලගෙදර, නාලන්ද, බදුල්ල හා බටුගෙදරද බලකොටු පිහිටුවීමට ඉංග්‍රීසීහු කටයුතු කළහ. ඉන් පසු 1817 දී ඇතිවූ උඩරට කැරැල්ලෙන් පාඩමක් ඉගෙනගත් ඉංග්‍රීසීහු කඳුකරයෙහි පිහිටි නුවරඑළිය, වැලිමඩ, කොත්මලේ, මතුරට, අළුපොත ආදී තැන්වලද බලකොටු ඉදිකළහ. ඒ අනුව සියලු ප්‍රදේශ ආවරණය කරමින් මංමාවත්ද දියුණු විය.

ඉංග්‍රීසීන්ට නොගැළපුණු රදල බලතල

උඩරට රදලයන්ට අයත්ව තිබූ ඇතැම් බලතල පිළිබඳ ඉංග්‍රීසින්ට තිබුණේ තරමක් නොසතුටකි. එහෙයින් රදලයන් සතුව තිබූ ඇතැම් ගාස්තු අයකිරීම්, දඩගැසීම් හා නඩු ඇසීමේ බලතල නැතිකොට බි්‍රතාන්‍ය උසාවි ඇතිකරන ලදී. මෙයින් සියලු දෙනාටම සමාන බවක් ලැබුණු අතර, රදලයන් සතු බලයට ඉන් පහර වැදිණි. මේ කාලයේ එනම් 1822දී උඩරටට මහා මාර්ගයක් කැපීම නිසා එම ප්‍රදේශ හමුදාව මගින් පාලනය පහසු විය. ඒ හේතුවෙන් පෙර මෙන් බරපතළ කැරැලි ඇතිවීමට ඉඩක් නොවූ හෙයින් ඉංග්‍රීසීන්ට සිය පාලනයට අවශ්‍ය ආකාරයට රටත් ජනතාවත් හැඩගස්වා ගන්නට පහසු විය.

SendShareShare
Previous Post

වැඩි කල් නොගොස් ඕස්ට්‍රේලියාවත් ලංකාව-ආජන්ටිනාව තත්ත්වෙටම ඇද වැටෙනවා! ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ප්‍රබල අනාවැකියක් කියයි!

Next Post

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී Galle gladiators කණ්ඩායමට සම හිමිකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් වෙති…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.