HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති අතර ඔහු සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසද අදාළ දින සිට කටයුතු කරනු ඇත.
හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා 2014 වසරේ සිට 2021 සැප්තැම්බර් දක්වා HNB FINANCE PLC හි සභාපතිවරයා ලෙසින් සමාගමේ උන්නතිය උදෙසා අනභිභවනීය සේවාවක් ඉටුකළ අතර මෙම වසරේ සැප්තැම්බර් 10 වැනිදා සිට HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා එම තනතුරේ වගකීම් උසුලනු ඇත.