ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, COVID-19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනතාවට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් හඳුන්වාදී ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අත්වැල් බැඳගනිමින් හඳුන්වාදී ඇති මෙම සේවාව නම්කර ඇත්තේ ‘Doc Call 247’ යනුවෙනි.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සුවසැරිය ගිලන් රථ සේවාව මෙන්ම, ඩයලොග්, එයාර්ටෙල් සහ හච් යන දුරකතන සේවාවන්ද Doc Call 247 සමග එක්වී සිටී. එමගින් ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාට මෙම සේවාව භාවිත කිරීමට හැකියාව ලැබී ඇත.
රට තුළ COVID-19 රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග සෞඛ්‍ය සේවාවන්ට බරපතළ අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවී තිබේ. Doc Call 247 සේවාවේ ඉලක්කය වන්නේ මෙම තත්ත්වය පාලනය කිරීමට අත්වැලක් වීමය.











