• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පිට දේශක්කාරයින්ට හිස නොනමා රට බේරාගත් තාත්තගෙයි පුතාගෙයි හමුදා රහස්…

September 4, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පිට දේශක්කාරයින්ට හිස නොනමා රට බේරාගත් තාත්තගෙයි පුතාගෙයි හමුදා රහස්…
Share on WhatsAppShare on Facebook

වසර 1498යි. පෘතුගීසීහු සිටියේ දැඩි ආර්ථික පිපාසයකිනි. ධන කෑදරකමකිනි. බල ලෝභයකිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ ලෝකයේ වෙනත් රටවල්, විශේෂයෙන්ම ආසියාතික රටවල් සිය බල පරාක්‍රමයන්ට යටත් කොටගෙන බලවත් වීමටයි. ඒ ඒ දේශයන්හි ධන ධාන්‍යයෙන් සිය ආර්ථිකය ගොඩනැංවීමේ අමුතු ආශාවක්ද ඔවුන්ට තිබුණේය. මේ පරක් තෙරක් නොමැති ආශාව නිසාම නාවික හෙන්රි කුමාරයාගේ මුහුදු බලඇණි විවිධ දේශ දේශාන්තර ගැන ඉව අල්ලමින් සිටියේය. විශේෂයෙන්ම ආසියාතික රටවල් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයන් බවට පත්වෙමින් තිබුණේය. වඩාත් පලදායී වන්නේ කුමන දේශයන්ද යන්න සොයමින් පිඹුරුපත් සකසමින් සිටියේය. ඒ අතර පෘතුගීසින්ගේ ඇස ලංකා රාජ්‍ය කෙරෙහි යොමු වූයේ එවක මෙරට පැවැති ස්වයංපෝෂිතභාවයත්, ලක් පොළොවේ ඇති සාරවත්භාවයත්, හෙළ රජ දරුවන් වැව් අමුණු බැඳ මෙබිම අස්වද්දා ඇති අයුරුත් කනවැකීමෙන් විය යුතුය. මේ නිසාම පෘතුගීසීහු සිය ඊළඟ ඉලක්කය ලෙස ලංකාව තෝරාගත්හ.

ඒ වන විටත් පෙරදිග රාජ්‍යයන් ගණනාවක් සිය යටත් විජිතයන් ලෙස අත්පත් කරගෙන ස්වකීය අධිරාජ්‍ය බලය පුළුල් කරගෙන මහා බලයක් ගොඩනගාගෙන සිටි පෘතුගීසීන් ලංකාව යටත් කරගැනීම තක්සේරු කළේ සරල සාමාන්‍ය තත්ත්වයකිනි. ඒ අනුව 1498 සිට විවිධ දේශ දේශාන්තර අල්ලාගනිමින් බල ලෝභයෙන් කටයුතු කළ පෘතුගීසින්ගේ තවත් අරමුණක් ඉටුකරනු වස් එයින් වසර හතකට පමණ පසු ලොරෙන්සෝ ද අල්මේදාගේ පෘතුගීසි නාවික සේනාංකය කොළොම් තොටට පැමිණියහ.

ඔවුන් ඉන්දීය සාගරේ මෙහෙයුම් ආරම්භ කළේ අරමුණු කිහිපයක් යටි සිතේ තබාගෙනය. ඉන් ප්‍රධාන එකක් වූයේ එකල අරාබි ජාතිකයන් අත පැවැති වෙළෙඳ ජාලය තමන් සතුකර ගැනීමය. මේ සඳහා ප්‍රබලම දායකත්වයක් ලබගත හැකි බොහෝ කේන්ද්‍රස්ථාන ඒ වන විටත් පෘතුගීසින් සතුව පැවැතියේය. ඒ අතර ඉන්දියාවේ ගෝව, මලබාරය විශේෂ විය. කෙසේ හෝ ජාත්‍යන්තර වෙළෙඳ ආධිපත්‍යයේ කිරුළ දරන ආශාවෙන් ඉන්දීය සයුරේ ජල කඳ ලේ පැහැ ගන්වමින් ජීවිත නසමින් කටයුතු කරන්නට තරම් පෘතුගීසීහු ප්‍රචණ්ඩව සිටියහ.

කෙසේ හෝ කොළොම් තොටින් ගොඩබට පෘතුගීසීහු මෙරට විවිධ ආර්ථික බෝග සොයා රට පුරා සැරිසරන්නට වූහ. එසේ වෙළෙඳ කටයුතුවලට පැමිණියේද ආයුධ සන්නද්ධ වෙළෙඳුන් වූයෙන් ඔවුහු ප්‍රචණ්ඩත්වය වාණිජමය කරුණුත් සමග බද්ධ වූ යම් වෙළෙඳ මංකොල්ලයකට සමාන විය. වසර 1521 සිට 1580 අතර කෝට්ටේ රජ කළ බුවනෙකබාහු 1521දී තමාගේ ආරක්ෂාව ගැන සිතාදෝ පෘතුගීසි හා සමගි සන්ධාන ගොඩනගාගත්තද කිසිදු විටෙක පෘතුගීසීහු ගිවිසුම් ප්‍රතිපත්ති ගණනකට ගත්තේ නැත. ඔවුහු හැකි සෑම විටම මෙරට ජනයා තළා පෙළා පීඩාවට පත්කොට ජනයා සතු ආර්ථිකය මංකොල්ල කෑමක නිරත වූහ. මේ කාලයේ රටටත් ජනතාවටත් මහා අඳුරු යුගයක් වූයෙන් ජනතාව සිටියේ සැනසුමට මඟක් සොයමිනි. මේ ඛේදවාචකය තේරුම් ගත් පළමු නායකයා වන්නේ සීතවක මායාදුන්නේ රජුය. ඔහු නොබියව තීන්දුවකට ආවේය. පෘතුගීසීන්ට කැලණි මිටියාවත හරහා රට තුළට ගමන් කරන්නට ඉඩ නොදෙමියි තීන්දු කළ සීතාවක මායාදුන්නේ රජුගේ තීන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන්නට ටිකිරි කුමරු නොබියව පෙරමුණ ගත්තේය. කොන්ස්තන්තිනෝපාලයේ දිග්විජය කරමින් නොබියව නොනැවතී පෙරට එමින් පෙරදිගට ගමන් කළ පෘතුගීසි අධිරාජ්‍යවාදීන්ට මල්වානෙන් ඔබ්බට ගොස් රට තුළට ඇතුළු වීමට නිර්භීත රණ ශූරයකු වූ ටිකිරි කුමරු ඉඩ දුන්නේ නැත.

මේ නිසාම සීතාවක පිය පුතු දෙපළ සමගින් පෘතුගීසින්ගේ වෛරය දලුලා වැඩුණේය. ඒ වෛරයේ ගිනි දැල් අතරින් සංග්‍රාම රාශියක්ද සිදුවිය. එම සංග්‍රාම අතරේ රට නසන්නට උඩගෙඩි දෙන්නවුන් එවකට සිටි බව පසක් කරවමින් බුවනෙකබාහු රජු පෘතුගීසින්ගේ සහාය ඇතිව ක්‍රි.ව. 1527දී සීතාවක ආක්‍රමණය කළේය. එහිදී උපායශීලීව මායාදුන්නේ රජු රත්නපුර බටුගෙදරට පසුබසින ලදී. ඉන් පසු 1539දී පෘතුගීසි ජාතික මිගෙල් පෙරේරා කෝට්ටේ හමුදාව සමග සීතාවකට පහර දුන්නේය.
මායාදුන්නේ රජු දැරණියගලට පසුබැස්සේය. 1547දී අන්තෝනියෝ බරෙන්තු යළිත් සීතාවක ආක්‍රමණය කළේය. එවරද මායාදුන්නේ රජු දැරණියගලට පසුබැස්සේය. 1550දීත් ගෝර්ගේ ද කස්ත්‍රෝගේ හමුදාව සීතාවකට පහරදී මහා විනාශයක් කළහ. 1552දී අල්පොන්සෝ ද නොරොඤ්ඤෝ සීතාවක ආක්‍රමණය කළේය.

මේ සියලු ප්‍රහාරයන් හමුවේ යම් ආකාරයකට උපක්‍රමශීලී පසුබැසීමකින් පෘතුගීසීන් සතු බලය ශක්තිය නිරීක්ෂණය කරමින් සිය බලය තහවුරු කරගැනීමට අවශ්‍ය පසුබිම ගොඩනගමින් කටයුතු කළ මායාදුන්නේ රජු 1559දී සිය විජයග්‍රාහී සංග්‍රාම නීතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේ පුවක්වැල්ලේ තොටේදී පෘතුගීසීන් සමග සටන් වැද මාතොට දිසාව ජය ගනිමිනි. එයින් නොනැවතී දිගින් දිගටම ක්‍රියාත්මක වූ සීතාවක රජු විටින් විට කටයුතු කළේය. ඒ අනුව 1560දී කොළඹ කොටුවට සහ වත්තලටත්, 1561දී කොට්ටේට පහරදී කැලණිය සීතාවකට ඈඳාගැනීමත් 1564 යළිත් කෝට්ටේට පහරදීමත් සිදුකළ අතර 1565දී කෝට්ටේ නගරාරක්ෂක හමුදාවන්ටද පහරදුන්නේය. ඉන් පසු එම වසරේම මැද භාගයේදී සීතාවක ප්‍රහාර හමුවේ පෘතුගීසීන් කෝට්ටේ අතහැර කොළඹ කොටුවට පසුබැස්සේය.

සිය යුදමය බලය සහ ශක්තිය මනාව පෙන්නුම් කළ සීතාවක රජු මුල්ලේරියා මහා සංග්‍රාමය කළේ 1562දීය. නිසි කල නිසි දේ සිදුවන්නා සේම දේශයේ උන්නතිය ආරක්ෂාව උදෙසාද ඒ ධර්මතාව එලෙසම ක්‍රියාත්මක වෙමින් 1578දී ටිකිරි කුමරු රාජසිංහ නමින් සීතාවක රජු බවට පත්විය. පරදේශක්කාරයන් මෙරට සිතූ සිතූ දේ කරන්නට නොදෙමියි යන අදිටනින් සිටි රාජසිංහ රජු 1579-1580 වසරවලදී කොළඹ කොටුව වටලා පහරදුන්නේය. පෘතුගීසි ගණනය කිරීම් අනුව එහිදී සීතාවක හමුදාවන්ගේ 9,000ක් මරණයට පත්වූ බවද පැවැසේ. එසේම 1587 සහ 1588 සීතාවක හමුදාව දෙවැනි වරටද කොළඹ කොටුව වටලා පහරදුන්නේය.

ලෝකයේ බොහෝ බලගතු රාජ්‍ය හා ගැටෙමින් ඉතා පහසුවෙන් එම රටවල ආර්ථිකය කොල්ලකමින් පැමිණි පෘතුගීසීන්ගෙන් මෙරට ජනයා බේරා ගන්නට මේ සීතාවක පිය පුතු දෙපළට මහා යුද ශක්තියක් තිබුණේය. ඒ යුද ශක්තිය කුතෝගේ වාර්තාවට ඇතුළත්ව ඇති ආකාරයට යුද හේවායන් 50,000කි. කුලීකරුවන් 60,000කි. ඇතුන් 2,200කි. පොරෝකරුවන් 10,000කි. කැතිකරුවන් 20,000කි. උදලුකරුවන් 6,000කි. නාරස්සනකරුවන් 3,000කි. වඩුවන් 1000කි. ලෝකුරුවන් 400කි. කාලතුවක්කු වෙඩික්කරුවන් 400කි. බෝට්ටු 400කි. නාවික යාත්‍රා 65කි.

නිසි තැන නිසි වේලාව සහ තැනට සුදුසු නුවණ තිබූ හෙළ රණ ශූරත්වයේ අභිමානවත් උරුමය ජවය තිබූ සීතාවක රජවරු එලෙස එදා විදේශීය හමුදාවක් හා සටන් වැද මේ මාතෘ භූමිය බේරාගත්තේ ඒ මහා ආර්ථික ශක්තියත්, හෙළයාගේ නිර්භීත හැකියාවනුත් මනාව කළමනාකරණය කරමිනි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

‘එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

SLT-MOBITEL හඳුන්වා දෙන Doc Call 247 හරහා නොමිලේ COVID-19 වෛද්‍ය උපදෙස්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.