■ ශ්‍රී ලංකා මණ්ඩපය මෙහෙයවන ලද ‘Day of Sapphires’ (ඉඳුනිල් මිණි දිනය) තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික වටිනාකමකින් යුතු නිල් මැණික් ප්‍රදර්ශනයක් පවත්වන ලදී.
■ ජාත්‍යන්තර ජනමාධ්‍යවලින් ඉහළ මාධ්‍ය ආවර්ණයක් ලද මෙම අවස්ථාව අතිසාර්ථක විය.
■ නිසි ප්‍රතිපත්ති හා සාර්ථක උපායමාර්ග ඔස්සේ දිවයිනට විශාල විදේශ විනිමයක් ඉපයීමට අවශ්‍ය මාර්ගය එයින් විවෘත විය.
Expo 2020 Dubai හි ශ්‍රී ලංකා මණ්ඩපය වටා අමුත්තන් විශාල පිරිසක් එක්රැස් වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික වටිනාකමකින් යුක්ත ඉන්ද්‍රනීල මාණික්‍ය එකතුවක අග්‍ර ආකෘතියක් දැක ගැනීමටය. ‘Day of Sapphires’ (ඉඳුනිල් මිණි දිනය) ලෙස නම් කර තිබූ එම දිනයේදී විවිධ යුගවල මැණික්වල වටිනාකම් සහ නවීනත්වයන් දැකබලා ගැනීමට කුටියට පැමිණි අමුත්තන්ට හැකියාව ලැබිණි. ලන්ඩන් සහ ජිනීවාහි Sotheby’s සහ Christie’s ආදී සමාගම් කිහිපයක් සමග කටයුතු කිරීමෙන් ක්‍ෂේත්‍රය තුළ අත්දැකීම් රාශියක් ලබා ඇති Helen Molesworth මහත්මිය ප්‍රධාන අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ මැණික් ගල්, ඒ ආශ්‍රිත විකුණුම් හා කර්මාන්ත විධික්‍රම, මැණික් කැපීම, ඔප දැමීම සහ ආභරණ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළාය.