ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපිය මගින් කිරිඇල්ල මහතා පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැදවන ලෙසත්, විවාද කිරීම සදහා දිනයක් ලබා දෙන ලෙසත්ය.
මේ පිළිබදව කතානායකවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දීමටද කිරිඇල්ල මහතා පියවර ගෙන ඇත.