නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා බීමත්ව රිය පැදවීමේ චෝදනාවට තලවකැලේ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා තලවකැලේ පොලිසියේ රඳවා සිටින බවත් අද අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයාවරයා සාදයකට සහභාගි වී නැවත නිවෙස බලා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන් කළේය.