පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආසාදන, වයසත් සමග ප්‍රමාණයෙන් වැඩීම යන රෝග තත්ත්වයන්ට සාපේක්‍ෂව වඩාත් දරුණු ලෙසින් මිනිස් ජීවිතයට හානිකර විය හැක්කේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව හට ගන්නා පිළිකාවයි.
වයස අවුරුදු 60 ඉක්මවූ පුරුෂයන් මෙම පිළිකා තත්ත්වයට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති පිරිස ලෙස හැඳින්විය හැක. වෛද්‍ය සඟරාවන් සඳහන් කරන ආකාරයට බටහිර රටවල වයස අවුරුදු 60 ඉක්මවූ පුරුෂයන් අතර දැකිය හැකි බහුල පිළිකා තත්ත්වයක් ලෙස පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවන් පෙන්වාදිය හැකි වූවත් සමස්තයක් ලෙස දකුණු ආසියාව තුළ තදබල ලෙස දැකිය නොහැකි නමුදු ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියාතික රටවල ජීවත්වන පුද්ගලයන්ගේ නොසැලකිල්ල සහ පිළිකා කල්තියා හඳුනාගැනීමේ පහසුකම් ව්‍යාප්තව නොපැවතීම හේතුවෙන් මේ කලාපයේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවන්ට ගොදුරුවූවන් ජීවත් වීමට වරම් ලබන්නේ අල්ප වශයෙනි. එම රෝගය කල්තියා හඳුනාගැනීම සහ සැත්කම් ඇතුළුව මේ සඳහා ප්‍රතිකාර පහසුකම් වත්තල හේමාස් රෝහලේ සතු වන බැවින් කොළඹ හා තදාසන්නව ජීවත්වන වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසි සාමාජිකයින්ට මෙම රෝගය පිළිබඳ මුළුමනින්ම දැනුවත් වීම සහ ප්‍රතිකාර සඳහා මෞත්‍රලිංග විශේෂඥ වෛද්‍ය සහාය මෙන්ම සැත්කම් සඳහා වත්තල හේමාස් රෝහල වෙත පැමිණිය හැකිය.