DFCC බැංකුව අඛණ්ඩව වසර 03ක් තිස්සේ ක්‍රියාවට නංවන ‘සැමට ඉංග්‍රීසි’ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන මෙවර මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායේ ප්‍රධාන අංශ 6 අතරින් ‘අධ්‍යාපනය’ අංශයට අයත් වන, දිවයින පුරා වෙසෙන තරුණ තරුණියන්ට ප්‍රතිලාභ සලසන වැඩසටහනකි.
අනුරාධපුර, වවුනියාව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මෙවර වැඩසටහන තුළදී, එම තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇත. ඉංග්‍රීසි භාෂා හැකියාව යනු වර්තමානයේ වෘත්තීයමය වශයෙන් සාර්ථක වීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස සැලකේ. 2021 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මාස 4ක කාලයක් පැවැත්වෙන අතර, DFCC බැංකුව වෙනුවෙන් Gateway Language Centre මගින් එහි මාර්ගගත පන්ති පවත්වනු ලබයි. පාඨමාලාවට සහභාගි වන තරුණ තරුණියන්ට ‘ඩේටා’ සඳහා දීමනාවක් සමග ‘හෑන්ඩ්ස් ෆ්‍රී සෙට්’ එකක්ද පිරිනැමේ. DFCC බැංකුව විසින් මෙම පාඨමාලාව සඳහා අදාළ දිස්ත්‍රික්ක තුනෙහි පදිංචි, වයස අවුරුදු 18ත් 25ත් අතර, උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙතින් අයදුම්පත් කැඳවන ලදී. එම තරුණ තරුණියන්ට ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබීමට අමතරව වටිනා සහතික පත්‍රයක් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් මෙමගින් හිමිවනු ඇත.