ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුකූල වන මෙරට තිබෙන එකම වාණිජමය මෙහෙයුම් සහතිකකරණ අධිකාරිය වන ලංකා ක්ලියර් ආයතනය මෙහෙයවන Lankasign භාවිත කරන ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් ඩිජිටල් ආකාරයෙන් අස්සන් කළ ලේඛන පිළිගන්නා බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ.
මේ අනුව, ඩිජිටල් අස්සන් පිළිගැනීමේ පළමු පියවර ලෙස බැංකුව පසුගියදා මෙයට අදාළ වන අවබෝධතා ගිවිසුම ලංකා ක්ලියර් ආයතනය සමග අස්සන් කරන ලදී. ලේඛන අස්සන් කිරීම සඳහා Lankasign පිළිගන්නා ශ්‍රී ලංකාවේ පළමු මූල්‍ය ආයතනය බවට කොමර්ෂල් බැංකුව මේ සමග පත්වන බව බැංකුව සඳහන් කරයි.
මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස බැංකුව, සිය ආයතනික ගනුදෙනුකරුවන්ව තමන්ගේ අන්තර්ජාල බැංකුකරණ අයදුම්පත් ඩිජිටල් ආකාරයෙන් අස්සන් කර එවීමට දිරිමත් කරනු ඇත. බැංකුව සඳහන් කරන්නේ කෙටි කාලයක් තුළ ඩිජිටල් අස්සන පිළිගැනීම අනිකුත් බැංකුකරණය හා සම්බන්ධ ලේඛනවලටත් ලබාදෙන බවයි.