ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා JAT Living සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ, තලවතුගොඩ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ‘146 Residencies’ ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන්ට DFCC බැංකුවෙන් සුවිශේෂ නිවාස ණය පහසුකම් හිමිවේ.
JAT Livingහි නවතම ව්‍යාපෘතිය වන ‘146 Residencies’, නිදන කාමර දෙක, තුන සහ හතර බැගින් වන සුඛෝපභෝගී නිවාස 112කින් සමන්විත වේ. වාහන නැවැත්වීම සඳහා එම ව්‍යාපෘතියෙහි මහල් තුනක් වෙන්කෙරෙන අතර, වර්ග අඩි 8,800කින් යුත් දැවැන්ත අවකාශයක් වන rooftop කොටසේ, පදිංචිකරුවන්ට සැහැල්ලුවෙන් කාලය ගතකිරීම සඳහා උද්‍යානයක්ද ඉදිකෙරේ. මීට අමතරව ඇවිදීමේ මංතීරු, යෝග ව්‍යායාමවල නිරත වීමේ ස්ථානයක්, ළමා ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාකයක් සහ බාර් එකක් සහිත ක්ලබ්හවුස් එකක් ඇතුළු පහසුකම් රාශියක් මීට ඇතුළත් වනු ඇත.
නිසි සුදුසුකම් සපුරාලන ගැනුම්කරුවන්ට ‘146 Residencies’ වෙතින් නිවාස මිලදීගැනීම සඳහා මෙම සුවිශේෂ ණය පහසුකම ලබාගත හැකිවේ. මෙම ණය සඳහා වසර 4ක් දක්වා සහන කාලයක් හිමිවන අතර, තම අවශ්‍යතාව අනුව ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය සැලසුම් කරගැනීමේ හැකියාව පවතී.