‘කාටත් ගැළපෙන බැංකුව’ ලෙස ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා තවත් සුවිශේෂී පියවරක් තබමින් ‘DFCC Chatz’’ චැට්බොට් සේවාව හඳුන්වා දීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේය. අන්තර්-ක්‍රියාකාරී, බහු-නාලිකා සේවාවක් වන මෙය, ඉතාමත් කාර්යක්ෂම ලෙස ගනුදෙනුකරුවන්ගේ විමසීම්වලට පිළිතුරු දීමට හැකිවන ආකාරයට සැලසුම් කර තිබේ. දැනට පවතින දියුණුතම කෘත්‍රිම බුද්ධි තාක්ෂණයක් වන, ස්වාභාවික භාෂා හැකියාවන් සහිත wit/ai තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙය, DFCC බැංකුවේ වෙබ් අඩවිය මෙන්ම, Facebook, Messenger සහ Viber ඔස්සේද ක්‍රියාත්මක වනු ඇති.
ගනුදෙනුකරුවන්ගේ විමසීම්වල ස්වභාවය අනුව නිසි පිළිතුරු ලබාදීමේ හැකියාව සහිත මෙම සේවාව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වේ.
මෙම සේවාව ඔස්සේ පිළිතුරු සැපයීමට නොහැකි වන සංකීර්ණ විමසීම් පැය 24 පුරා ක්‍රියාත්මක DFCC ඇමතුම් මධ්‍යස්ථානයේ නියෝජිතයෙකු වෙත යොමුවනු ඇත. කවදත් ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන දෙන DFCC බැංකුව, සිය සේවාවන්ට අදාළ විවිධ ක්‍රියාවලි සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට ඉතාමත් පැහැදිලි හා සුහදශීලී මගපෙන්වීමක් ලබාදීම සඳහා පියවර ගෙන තිබේ.











