වසර 25 ක් පුරා අඛණ්ඩව පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලාංකීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ පළමුවරට ICRA Lanka (A-) ණය ශ්‍රේණිය හිමි කර ගත් ප්‍රයිම් සමූහය සිය නවතම ව්‍යාපෘතිය වන Prime Waterfall Residencies නිවාස ව්‍යාපෘතිය ජූනි මස 27වන දින එළිදක්වයි. කොළඹ නගරයට ඉතා ආසන්නව සියලු නාගරික පහසුකම්වලින් සපිරි තොරතුරු සන්නිවේදන කලාපය (IT Zone) තුළ පිහිටි මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ, නිසංසල පරිසරයක ඉදිකෙරෙන මෙම තනි නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 40ක් ගොඩනැංවෙනු ඇත.
මෙම සමස්ත ව්‍යාපෘතියම දැඩි පරිසරහිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කරමින් කායික සහ මානසික සුවපත් දිවියකට අවැසි සියලු අංගයන්ගෙන් සමන්විතව ඉදි වනු ඇත. එළිමහන් ශරීර සුවතා පහසුකම් පරිශ්රයකින්ද, ඇවිදින මංතීරුල බාබකියු පහසුකම්, නිවැසියන් සඳහාම ඉදිකෙරෙන ගෙවතු වගා බිමක්ද මෙම නිවාස ව්‍යාපෘතියට නව ජීවයක් ලබා දෙනු ඇත. නිවාස ව්‍යාපෘති පරිශ්‍රයේ අඩි 100ක පමණ උසකින් යුතු දිය ඇල්ලක් නිර්මාණය කෙරෙන අතර දියඇල්ල කඩා හැලෙන භූමියේ අලංකාර පොකුණක්ද නිමැවේ. නිවාස ඉදිකෙරෙන සමස්ත භූමිභාගයම පැය 24 පුරාම ආරක්ෂිත කැමරාවන් මගින් නිරීක්ෂණය කෙරේ. මෙම ව්‍යාපෘතියේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ පොදු පරිශ්‍රයන් සියල්ල සූර්ය බල විදුලි ආලෝකයෙන් හැඩගැන්වෙන අතර දිරාපත් වන අපද්‍රව්‍ය එක් රැස් කර කොම්පෝස්ට් පොහොර බවට පත් කළ හැකි පරිශ්‍රයක්ද වෙන් කර තිබීමයි.











