කාටත් ගැළපෙන බැංකුව යන විරුදාවලිය ලත් DFCC බැංකුව, මෙරට ජනතාවගේ සහ ආර්ථිකයේ අභිවෘද්ධිය උදෙසා අනුපමේය දායකත්වයක් දක්වමින් පෙරට යන ගමනක 65 වන සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරීය. DFCC බැංකුව යනු කොළඹ කොටස් හුවමාරුවේ පූර්වගාමියා වූ, කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ ලැයිස්තුගත වූ ප්‍රථම බැංකුවයි.
DFCC බැංකුව 1955 වර්ෂයේදී ආරම්භ වූයේ ආසියානු කලාපයේ ප්‍රථම සංවර්ධන බැංකුව ලෙසිනි. අද වන විට එය පූර්ණ වාණිජ බැංකුවක් බවට පත්වී ඇති අතර, රට පුරාම ගනුදෙනුකරුවන්ට පුළුල් පරාසයක පැතිරුණු බැංකු සේවාවන් සමගින් විශිෂ්ට පාරිභෝගික සේවාවක්ද පිරිනමයි.
සිය 65 වන සංවත්සරය සැමරුමේ එක් පියවරක් ලෙස, ඔක්තෝබර් මාසය සැමරුම් මාසයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බැංකුව කටයුතු කර ඇති අතර, තම ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
සිය Pinnacle ගනුදෙනුකරුවන් වෙනුවෙන් Pinnacle මධ්‍යස්ථානය නව ස්ථානයක් වෙත රැගෙන යමින් අංක 80, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ එය විවෘත කිරීමට DFCC බැංකුව කටයුතු යොදා තිබේ. ආකර්ෂණීය ලෙස සැලසුම් කර ඇති මෙම මධ්‍යස්ථානය, බැංකු කටයුතු ඉක්මනින්, පහසුවෙන් හා පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දෙනු ඇත.