ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රය වෙත ජාත්‍යන්තර ප්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඕස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය සිය කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිත බව පිළිබඳව ඉහළම අවධානය යොමුකරමින් රෝගීන්ගේ සුරක්ෂිතබව සඳහා වන ජාත්‍යන්තර දිනය සමරන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබූ මෙම ජාත්‍යන්තර දිනයෙහි මෙවර තේමාව බවට පත් වූයේ “රෝගීන්ගේ සුරක්ෂිතබව ආරක්ෂා කිරීමට නම් රෝහල් කාර්ය මණ්ඩලයද සුරක්ෂිත විය යුතුයි ” යන්නයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට කොවිඞ් 19 වසංගතය හමුවේ රෝගයට ගොදුරු වූ ප්‍රතිශතය අතරින් 14ක් රෝහල් කාර්ය මණ්ඩලයට අයත් වූ බැවින් රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමට නොදෙවනි අවධානයක් රෝහල් කාර්ය මණ්ඩලය කෙරෙහිද යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ සහ උපමාන නිවැරදිව ක්‍රියාත්මක කරමින් හේමාස් රෝහල් සමූහය පොදුවේ සිය රෝගීන් හා කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතබව වෙනුවෙන් පසුගිය කාලවකවානුව පුරාම විවිධ වැඩසටහන් දියත් කළේය.
සිය රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතබව පවත්වාගෙන යෑම සඳහා හේමාස් රෝහල් සමූහය ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස ඕස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය තෙවැනි වසරටත් හිමි කර ගැනීම හඳුන්වා දිය හැක. මෙම ප්‍රමිතිකරණය තුළින් රෝගීන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිත බව උපරිමයෙන් තහවුරු කරමින් මේ තත්ත්වය ජාත්‍යන්තර මට්ටම තෙක් පැමිණ ඇති බව සඳහන් කර ඇත.