කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් 2020 වසරේදී තවත් සංධිස්ථානයකට පැමිණෙමින් පිට පිටම 10 වන වසර සඳහාත් ක්‍රෙඩිට් රේටින්ග් ඉන්ෆොමේෂන් ඇන්ඞ් සර්විසස් ලිමිටඞ් (CRISL) වෙතින් ‘AAA’ (Triple A) දිගුකාලීන ණය වර්ගීකරණයක් ලබාගැනීමට සමත් වී ඇත.
මීට අමතරව බංග්ලාදේශයේ ප්‍රමුඛතම රේටින්ග්ස් ආයතනය වන CRISL වෙතින් කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් ST-1 ස්ථාවර ඉදිරි දැක්මක්’ යන කෙටිකාලීන ණය වර්ගීකරණය ලබාගෙන ඇත.
CRISL විසින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක මූල්‍ය ආයතනයක් වෙත ලබාදෙන ඉහළම දිගුකාලීන සහ කෙටිකාලීන ණය වර්ගීකරණයන් AAA සහ ST-1 වේ. මෙම ආයතනය විසින් කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ ශාඛාවට ලබාදුන් නවතම ණය වර්ගීකරණය 2021 ජුනි මාසය දක්වා වලංගුවේ.
‘විශේෂයෙන්ම දේශීය සහ ගෝලීය ආර්ථිකයේ උච්චාවචනයක් පවතින කාල සීමාවක් තුළ වසර 10 ක් පුරා අඛණ්ඩව ඉහළම ණය වර්ගීකරණයක් ලබාගැනීම ස්ථාවරත්වයේ නව සංකල්පයක් ලෙස පෙන්වා දිය හැකියි’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී එස්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය.
‘කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමේ පළමු නේවාසික කළමනාකරු ලෙස මෙම ජයග්‍රහණය පිළිබඳව මා සතුටුවන අතර බංග්ලාදේශය තුළ කොමර්ෂල් බැංකුව ඔසවා තැබීමට කැපවූ අපගේ කණ්ඩායමට මා සුබ පතනවා’.











