වෘත්තීයමය සාර්ථකත්වය අත්කරගැනීම උදෙසා ආයතනවල වෙනස් වන අවශ්‍යතාවන්ට අදාළ වන පරිදි සිසු සිසුවියන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම සබරගමුව විශ්වවිද්‍යාලය සමග එක්ව පසුගියදා සුවිශේෂ වැඩසටහනක් ආරම්භ කළේය. මෙමගින් කළමනාකරණ පීඨයේ සිසු සිසුවියන් 250 දෙනකුට වටිනා උපදේශන සේවා හා පුහුණු වීමේ අවස්ථාව හිමි විය.
වෙබිනාර් සම්මන්ත්‍රණ මාලාවක් ඔස්සේ මෙම වැඩසටහන පවත්වන ලද අතර, මෙමගින් උපාධි අපේක්ෂකයින්ට බාධාවකින් තොරව අඛණ්ඩව ඉගෙනීමට අවස්ථාව හිමි වේ- මෙම සම්මන්ත්‍රණ මාලාව 2021 ජුනි මාසය පුරාවට අඛණ්ඩව පැවැත්විණි.











