මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක භූමි භාගයක ඉදිකර ඇති සුඛෝපභෝගී මන්දිරය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ ඇති නඩුව පසුගිය (14) ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගැනිනි. මෙහිදී නිවසක්, සත්ව ගොවිපළක් හා නාන තටාකයක්, රාජ්‍ය මුදල් අවභවිතා කරමින් ඉදි කළ බවට නඩු පවරන ලද්දේ පසුගිය ආණ්ඩුව සමයේදීය. ඒ මුදල්වි ශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා තුනක් මුල්කර ගනිමිනි.
මෙහිදි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ සාක්කි දුන් වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩි මහතා ප්‍රකාශ කළේ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇති ලේඛන වල සඳහන් අත්සන තමාගේ විය හැකි සේම නොවීමටද හැකි බවයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාගේ කාර්යාලයට පැමිණ එහි ලිපි ලේඛන ගෙනගිය බව ඔහු පැවසීය.
මේ අනුව ඔහු පැහැදිලි කළේ එම ලිපි ලේඛනවල ඇති අත්සන පිළිබඳව තමාට සහතික කළ නොහැකි බවය.
මීළඟ නඩු විභාගය නොවැම්බර් මස 01 දිනට කල් තබන ලදී.










