වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් නිර්මාණ තාක්ෂණික ශිල්පී (NVQ 4 වන මට්ටම) පාඨමාලා සඳහා සහය දැක්වීමට කොමර්ෂල් බැංකුව මෑතකදී නව පරිගණක, UPS ඒකක සහ ස්පීකර්ස් වැනි උපාංග පරිත්‍යාග කරන ලදී.
මෙම පාඨමාලා දිස්ත්‍රික්ක 12ක, මධ්‍යස්ථාන 15ක පැවැත්වෙන අතර මේ වන විට ආධුනිකයන් 300 දෙනකු එම පාඨමාලා හදාරයි.
මෙම පුළුල් පාඨමාලාව සඳහා සහභාගිවන්නන් හට වර්තමාන විලාසිතා ප්‍රවණතා අධ්‍යයනය කිරීමට සහ අනාගත ප්‍රවණතා පුරෝකථනය කිරීමට, නව මෝස්තර නිර්මාණය කිරීමට, ඇඟලුම් සඳහා භාවිතයට ගන්නා රටා සහ රෙදි තෝරාගැනීමට සහ නිෂ්පාදනය අධීක්ෂණයට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදෙයි.