ලංකාවේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙස සිරස ‘නිව්ස් ෆස්ට්’ රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලැබීය.
මීට අමතරව තවත් සම්මාන රැසකින්ද සිරස නාළිකාව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්ව තිබිණ.
කෙසේවෙතත් පසුගිය කාලසීමාව පුරාම මෙම සම්මාන උළෙලවල් යැයි සදහන් කරමින් ඇතැම් ආයතන විසින් සිදු කළ මාධ්‍ය සමීක්ෂණ අසත්‍ය සහ පිළිගත නොහැකි ඒවා බව අනාවරණය වී තිබිණ.
කාලයක් පුරා එවැනි වංචනික ආයතන මගින් පළමු සහ දෙවන ස්ථාන ලබා දුන් මාධ්‍ය නාළිකා සම්බන්ධයෙන් දැඩි විවේචනයක්ද ඉදිරිපත් වී තිබිණ.
ඒ.සී. නීල්සන් ආයතනය මගින් ලබා දුන් සම්මාන කිසිදු ප්‍රමිතියක් නැති බොරු සම්මාන බව අවස්ථා කිහිපයකදීම ඔප්පු වී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේවෙතත් ‘මව්රට’ පුවත්පත සහ වෙබ් අඩවිය දිගින් දිගටම මෙම සමීක්ෂණ අසත්‍ය සහ විවිධ පුද්ගලයන්ට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරන ලද්දක් බව අනාවරණය කළෙමු. ඒ වෙනුවෙන් දිගටම පෙනී සිටියෙමු.
මෙම සම්මාන දෙන ආකාරය සහ සමීක්ෂණ සිදු කරන ආකාරය පිළිබදව අප හට මේ වනවිට තොරතුරු රාශියක් ලැබී ඇති අතර ඉදිරියේදී ඒ සියල්ල ජනතාවගේ දැනගැනීම පිණිස රටට ඉදිරිපත් කිරීමටද අප සූදානම්ය.