දියවැඩියාව වර්තමානයේ ජීවිත ඩැහැගන්නා මාරයකු බවට පත්ව තිබේ. සීනි සංයුතිය වැඩි වූ පුද්ගලයා වෙනත් රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවද ඉහළ යමින් පවතින්නේය. දිගින් දිගටම සීනි පාලනයට ඖෂධ භාවිත කිරීම තුළින් වෙනත් අතුරු ආබාධයන්ට ගොදුරු වූවන් ගැනද අසන්නට දකින්නට ලැබෙන්නේ විශාල වශයෙනි. එසේ බලන කල සීනි, නැතහොත් දියවැඩියාව වසංගත තත්ත්වයක් සේ හැඳින්වුවද වරදක් නැත. බෝ නොවන රෝගයක් වුවද මේ වන විට සමාජය හුරුව ඇති ශරීරයට අපථ්‍ය ආහාර රටාවන් නිසා දිනෙන් දින මෙම රෝගයට ගොදුරු වන්නන් වැඩිවී තිබේ. එහෙයින් අසීමිතව ඖෂධ පානය කරමින් දිනෙන් දින අඩුකරගත යුතු ශරීරයේ සීනි මට්ටම බෙහෙත් නැතිව පාලනයට නතුකර ගත හැකි නම් එය කාටත් යහපතකි. මේ සමගින් පළවන යන්ත්‍රය ඊට කදිම විසඳුමකි. බෙහෙත් නොගෙන මේ යන්ත්‍රය පැලඳිය හැකි අතර එයින් සීනි තත්ත්වය පාලනය කෙරෙන බවද පැවසේ. එසේම ඖෂධ ලබාගන්නා අතරේ යන්ත්‍රය පැලඳීම තුළින් ප්‍රතිඵල ඉක්මන් කෙරෙන බවද පුරාණ ඍෂි මතය වේ.
යන්ත්‍රය
ග්‍රීං ග්‍රීං තුං තුං
ඩු ඩු ඩු තුං
යන්ත්‍රය බැඳීමට මන්ත්‍ර නැත. පේකර ඉණ බැඳීම
සුදුසු වේ.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර