ලෝකයේ පුමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් නැවත වරක් 2021 වසරේ ශ්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම්කොට තිබේ.
සියවස සැමරූ 2020 වසරේදී මෙලෙස ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස කොමර්ෂල් බැංකුව නම්වූයේ පිට පිටම දෙවැනි වසරටයි. මෙම ගෞරවනීය සම්මානය දිනාගැනීම මගින් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ ශක්තිය තව තවත් තහවුරු වී තිබේ.
ශ්‍රී ලංකාවේ සියලු අංශවල ශක්තිමත් සන්නාම ලැයිස්තුවේ සමස්තයක් ලෙස තුන්වැනි ස්ථානය දිනාගැනීමට කොමර්ෂල් බැංකු සන්නාමය සමත්වී තිබේ.
ලෝකයේ ප්‍රමුඛතම සහ වඩාත් ස්වාධීන සන්නාම ඇගයීමේ සහ වර්ගීකරණ ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ මූලස්ථානය ලන්ඩනයේ පිහිටා තිබෙන අතර ශාඛා ජාලය ලොව පුරා ව්‍යාප්තව තිබේ. වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණය ප්‍රකාශයට පත්කරන්නේ LMD සඟරාව මගිනි.