කොරෝනා මර්දන සටනට උර දෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී ඇති පෞද්ගලික ආරක්ෂණ උපකරණවල ප්‍රමිතිය විශාල වශයෙන් බාල බවත්, මේ හේතුවෙන් ද්‍යෛවරුන් ඇතුලු හෙද කාර්ය මණ්ඩලය බරපතළ අනතුරකට මුහුණ දී ඇති බවත් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
මේ හරහා යම් කණ්ඩායමක් අයුතු ලාබ ලබමින් සිටින බවත්, ඒ පිළිබද ජනාධිපතිවරයා වහාම මැදිහත්ව සොයා බැලිය යුතු බවත් ඒ මහතා පැවසීය.










