දිවයිනේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන මාලබේ CINEC Campusහි විවෘත දිනය සැප්තැම්බර් 21 වැනි සෙනසුරාදා උදෑසන 9 සිට මාලබේ CINEC Campus පරිශ්‍රයේදී පැවැත්වේ. උසස් පෙළ නිම කළ සිසු සිසුවියන්ට CINEC ආයතනය පිරිනමන උසස් අධ්‍යාපන අවස්ථා, ආයතනය සතු පහසුකම් හා අධ්‍යාපනයට සුදුසු වාතාවරණය පිළිබඳ අවබෝධයක් මෙහිදී ලැබිය හැකිය. විවෘත දිනයට සහභාගි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපනික අභිලාසයන් සපුරා ගැනීම සඳහා ආරම්භයක් ලබා ගැනීමට හැකි අතර, සුවිශේෂ වට්ටම් සමගින් පාඨමාලා සඳහා ලියාපදිංචිද විය හැකිය. උසස් පෙළ ඉහළ දස්කම් පෙන්වූ සිසුන් 75කට ශිෂ්‍යත්වද පිරිනැමේ.
CINEC Campusහි සියලුම සමුද්‍රීය හා නාවික ඉංජිනේරු, ගුවන් යානා නඩත්තු, ලොජිස්ටික්ස්, කළමනාකරණය, ඉංග්‍රීසි, නීතිය, සංචාරක සහ සත්කාර සේවා, මානව සම්පත්, අධ්‍යාපන, විද්‍යා, ගණිත හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි පාඨමාලා 195කට පමණ වාර්ෂිකව 20,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වේ.