පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දු කොට ඇත.
ඒ අනුව ලබන සතියේ මෙම පත්තිරීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් මේ වනවිට ජනාධිපති විමර්ශන කොමිසන් සභා කිහිපයක්ම ක්‍රියාත්මක වීම නිසා මෙම විශේෂ සභාවට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ හිගයක් පැවතීම මත අභියාචනාධිකරණ විනිසුරුවන් ඊට පත් කිරීමටද ජනාධිපතිවරයා තීන්දු කොට ඇත.
දැනටමත් ජනාධිපතිවරයා ඒ පිළිබද සොයාබැලීම සදහා පත්කළ විශේෂ කමිටුව මගින් එක් වාර්තාවක් නිකුත් කර ඇති අතර පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව මගින් ඒ පිළිබදව සොයාබලාා අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතව ඇත්තේ තව සති දෙක තුනකි.
මේ අතර තම රජයක් පිහිටුවීමෙන් පසු පාස්කු ප්‍රහාරය පිළිබදව විශේෂ විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඩුවම් දෙන බවට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම කමිටුව පත්කිරීමට තීන්දු කර තිබීමද විශේෂ සිදුවීමකි.