මවුකිරි දීම යනු ළදරුවන්ගේ හා කුඩා දරුවන්ගේ පැවැත්මේ, පෝෂණයේ සහ සංවර්ධනයේ මෙන්ම මාතෘ සෞඛ්‍යයේද මූලික සාධකයකි. යුනිසෙෆ් සංවිධානය මෑතකදී කළ සමීක්ෂණයකට අනුව ලංකාවේ ළමුන්ගෙන් 99%ක්ම තම ජීවිතයේ ළදරු කාලයේදී මවුකිරි ලබාගන්නා බව වාර්තා වීම සතුටට කරුණකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන්නේ දරුවෙකු ඉපදී මුල් මාස 6 තුළදී මවු කිරි ලබාදීම පමණක් ප්‍රමාණවත් වන අතර පසුව වසර 2ක් සහ ඊට වැඩි කාලයක් අනුපූරක ආහාර සමඟ අඛණ්ඩව මවුකිරි දීම සිදුකළ යුතු බවයි.
වසංගතය අතරතුර මවුකිරි දීමෙන් ලැබෙන ප්‍රයෝජන
■ මවුකිරි දීමෙන් දරුවන්ට ආසාදනවලින් ආරක්ෂා වීමට ස්වාභාවික ආරක්ෂාවක් ලැබේ. මවුකිරි මගින් ළදරුවන්ව COVID-19න් ආරක්ෂා කරන බව තවමත් ඔප්පුවී නැතත්, අධ්‍යයන කිහිපයකදී මවුකිරිවල වෛරසය සඳහා ඔරොත්තු දිය හැකි ප්‍රතිදේහ ඇති බව සොයාගෙන ඇත.
■ මවුකිරි දීමේදී මවගේ ශරීරයේ මුදාහරින හෝමෝන මගින් සෞඛ්‍ය යහපත් කරන අතර මානසික ආතතිය සහ කාංසාව සමනය කළ හැකිය.
■ හදිසි සෞඛ්‍යමය අවශ්‍යතාවලදී මෙය වැදගත් විය හැකි අතර, අතිරේක පෝෂණ වේලවල් සහ අනෙකුත් ආහාර මිලදීගැනීම වඩාත් අභියෝගාත්මක විය හැකිය.