දශක දෙකක විශිෂ්ටත්වය, ආරක්‍ෂාව මෙන්ම මිත්‍රත්වය සමරමින් HNB ඇෂුවරන්ස් PLC (HNBA) සමාගම, තමා සමග අත්වැල් බැඳගෙන සිටින සියලු ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඉතා සුවිශේෂ දිනුම් ඇදීමක් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කොට ඇති අතර, දිනුම් ඇදීමේදී රන් කාසි 20ක් ඇතුළුව රුපියල් මිලියන 5ක් වටිනා ත්‍යාග ගොන්නක් ලබාදීමට අපේක්ෂා කරයි. HNBA යනු ශාඛා 63ක ජාලයක් සහිත ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගමකි. එය ෆිච් රේටින්ග්ස් ලංකා මගින් ජාතික රක්ෂණ මූල්‍ය ශක්තිය මත සිදුකරන ශ්‍රේණිගතකිරීම් යටතේ ‘A + (lka)’ ශ්‍රේණිගත කිරීම ඇති රක්ෂණ සමාගමකි.











