කොවිඞ් 19 වසංගතය හේතුවෙන් රජය විසින් නිරෝධායන නීති පැනවීමත් සමග මතුවූ අභියෝගාත්මක තත්ත්වය හමුවේ විෂය නිර්දේශ මත පදනම්ව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිණි.
එකී අභියෝග මධ්‍යයේ වුවද, Alethea School iy Alethea International school, ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒ වන විටත් සූදානම්ව සිටි අතර, පාසල් කළමනාකාරිත්වය විසින් 2019 වසරේ සිට, තාක්ෂණය මත පදනම් වූ නව යුගයේ අධ්‍යාපන රාමුවක්ද ක්‍රියාත්මක කර ඇත.
රජය විසින් පාසල් වසා දමන ලෙස දැනුම් දීමත් සමග, ගුරු මණ්ඩලයට පූර්ව සැලසුම් සකස් කිරීමට හා සමස්ත සිසුන් පිරිසම අධ්‍යාපනයෙහි නිරත කරලීමට මෙන්ම, 2020 මැයි/ජූනි කේම්බි්‍රජ් හා පියර්සන් එඩෙක්සෙල් ආදී වැදගත් අධ්‍යාපනික ඉලක්ක ළඟා කර ගැනිමේ අරමුණින් සිටිනා සිසුන්ට එම අරමුණු ජය ගැනීමට හැකි වන පරිදි විධිමත් අධ්‍යාපන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට Alethea පාසල් කළමනාකාරීත්වය විසින් පියවර ගනු ලැබිණි.
රට තුළ ඇඳිරි නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක වන විට විභාග අභිමුව සිටින සෑම සිසුවකුටම ඔවුන්ගේ විෂය භාර ගුරුවරු මාර්ගයෙන් අධ්‍යයන කට්ටල ඊ මේල් කර යවනු ලැබිණි. එහිදී සිසුන් විසින් සම්පූර්ණ කරන ලද එම ආදර්ශ ප්‍රශ්න පත්‍ර ගුරුවරුන්ගේ නිවැරදි කිරීම් හා උපදෙස් සහිතව ඔවුන් වෙත ආපසු යැවේ. එමෙන්ම, බොහෝ ගුරුවරුන් ’Zoom ඔස්සේ, වීඩියෝ මාර්ගයෙන් සිසුන් හා සම්බන්ධව ඉගැන්වීම් කටයුතු කරන ලදී.











