අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් (අලියාන්ස් ලංකා) විසින් සිය ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සඳහා සිදු කළ උසස් වීම් සහ නව පත්වීම් ගණනාවක් පිළිබඳව නිවේදනය කරනු ලැබ ඇත.
රක්ෂණ කළමනාකරණ කණ්ඩායමේ ප්‍රබලයන් තිදෙනා වන – ඩෙනිස් හේවාගම, මංගල බණ්ඩාර සහ රංග ඩයස් යන අයගේ අත්දැකීම් එක් කළ විට එය රක්ෂණ ක්ෂේත්‍රයේ අවුරුදු අසූවක (80) අත්දැකීම් කාලයක් වන අතර ඔවුන්ගේ කැපවීම සහ කාර්ය සාධනය පිළිගැනීමට ලක් වූ අතරම තුළින් ආයතනයේ නව භූමිකාවන් වෙත පිවිසීමටද හැකි වී ඇත.
මෙහිදී ඩෙනිස් මහතා ”ප්‍රධාන විකුණුම් නිලධාරී (ජාතික)” ලෙසත් මංගල මහතා ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලෙසත් සහ රංග මහතා ”ප්‍රධාන විකුණුම් නිලධාරී – සංස්ථාපිත” යන ධූරයන් වෙත පත් කර ඇත. වසර විසි පහක (25) අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත මූල්‍ය සහ කළමනාකරණ වෘත්තීයවේදියෙකු වූ ෆර්හාස් ෆාරුක් මහතා ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස පත් කර ඇත. මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයෙකු ලෙස මූල්‍ය සේවා අංශයේ වසර විසි තුනකට (23) වඩා අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත ඉෂානි සේනවීර මහත්මිය ආයතනයේ ප්‍රධාන මානව සම්පත් කළමනාකරණ නිලධාරිනිය ලෙස කණ්ඩායමට එක් වී ඇති අතර රක්ෂණ ක්ෂේත්‍රයේ වසර තිහකට (30) වඩා අත්දැකීම් සහ පළපුරුද්ද සහිත අනුර පෙරේරා මහතා වාණිජ අංශ අංශ ප්‍රධානී ලෙස පත් කර ඇත.











