AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, එහි නව සභාපති ලෙස, ටැන් හක් ලේ මහතා සිය අධ්‍යක්ෂ මණ්ඩලයට 2022 ජූලි මස සිට පත්කර ඇති බව ප්‍රකාශ කර සිටියි. ඒ මහතා AIA සමූහය වෙනුවෙන් තායිලන්තය, සිංගප්පූරුව, බෲනායි, මලයාසියාව, කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල්වල පවත්වාගෙන යන ව්‍යාපාර මෙහෙයුම් සඳහා වගකීම් දරන කලාපීය ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරයි. ආසියාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ පුළුල් විෂයයන් හරහා වසර 30කට වැඩි ක්‍රමෝපායික අත්දැකීම් සහ හසල දැනුම මෙන්ම වසර 11ක් පුරාවට AIA සමූහය තුළ ලබාගත් අත්දැකීම් සමුදායක්ද ටැන් හක් ලේ මහතා සතුවේ. එක්සත් රාජධානියේ හෙරියට් වට් විශ්වවිද්‍යාලයෙන් ආයුගණක ගණිතය සහ සංඛ්‍යාලේඛන සඳහා පිරිනමන ලද පළමු පන්තියේ ගෞරව උපාධියක් දරන ඔහු, එක්සත් රාජධානියේ ආයුගණක ආයතනයේ සාමාජිකයෙක්ද වෙයි. හක් ලේ මහතාගේ මෙම පත්වීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර දැනට පවතින අභියෝගාත්මක මෙහෙයුම් වාතාවරණය තුළ ශක්තිමත්ව සහ සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට මහත් අත්වැළක් වනු ඇත. හක් ලේ මහතාගේ මෙම පත්වීම, AIA ඉන්ෂුවරන්ස් ලංකාහි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය, AIA ඉන්ෂුවරන්ස් ලංකාහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම හා සමගම සිදුවිය. 2022 මැයි මාසයේදී AIA හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වූ චතුරි මුනවීර මහත්මිය, AIA සමූහය මගින් AIA ශ්‍රී ලංකා සමාගම අත්පත් කරගැනීමෙන් පසු සමාගමේ මෙම ප්‍රධාන විධායක තනතුර හෙබවීම සඳහා තේරී පත් වූ ප්‍රථම කාන්තාවයි.