COVID-19 වසංගත තත්ත්වය තවදුරටත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියට මහත් අභියෝගයක් වී ඇති අවස්ථාවක AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම COVID-19 ප්‍රතිකාර සේවා සපයන ඉදිරිපෙළ රෝහල් සඳහා අවැසි සහාය ලබාදීමට ඉදිරිපත්වී ඇත. පවතින වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට සිය දායකත්වය සැපයීමේ AIA ඉන්ෂුවරන්ස්හි ප්‍රතිඥාවට අනුව යමින්, අවිස්සාවේල්ල, දිවුලපිටිය සහ ගම්පහ COVID-19 ප්‍රතිකාර සේවා රෝහල් වෙත වෛද්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කිරීම නොබෝදා සිදුකරන ලදී.
ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් අත්පත් කරදීමට කැපවී කටයුතු කරන සමාගමක් වශයෙන්, ශ්‍රී ලාංකිකයන්හට මෙම වසංගත තත්ත්වයෙන් ගොඩ ඒමට සිය උපරිමයෙන් සහාය වීම AIA ඉන්ෂුවරන්ස්හි අපේක්ෂාවයි. අතිශය කාර්යබහුල කාලවකවානුවක් පසුකරන මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වෙනුවෙන් අපගේ දායකත්වය තවදුරටත් ලබාදීමට බලාපොරොත්තු වන අතර, සමාගම මෙරට ජනතාවගෙන් වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙසත්, රට වෙනුවෙන් සාමූහික බලකායක් ලෙස එකට එක්ව එකිනෙකාට සහාය වෙමින් කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටියි.