ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට Quickmed.lk වෙතින් ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔවුන්ට විශේෂ දීමනා ලබාදීම සඳහා විශේෂ ගිවිසුමකට අස්සන් තැබීමට පසුගියදා කටයුතු කළේය.
මේ යටතේ 2021 සැප්තැම්බර් 30 දින දක්වා Quickmed.lk වෙතින් රු. 6,500 හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ඖෂධ ඇතුළු භාණ්ඩ මිලදී ගන්නා DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පොලී රහිතව, මාස 12ක් දක්වා පහසු ගෙවීමේ කාලයක් ලබාගත හැකි වේ. එමෙන්ම ඔවුන්ට එම බිල්පතෙහි සමස්ත වටිනාකමට 15%ක වට්ටමක් සමගින් 1%ක CashBack දීමනාවක්ද හිමිවනු ඇත.
මෙම වැඩසටහනෙහිම කොටසක් වශයෙන්, 2021 සැප්තැම්බර් 30 දින දක්වා ලබාගන්නා නව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලියාපදිංචි ගාස්තුව සහ ප්‍රථම වර්ෂයට අදාළ වාර්ෂික ගාස්තුව අය නොකිරීමටද DFCC බැංකුව තීරණය කර ඇත. DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ නව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඉල්ලුම් කළ හැකි වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල ඔසුසල්වලින් එකක් වන Quickmed.lk පාරිභෝගිකයන් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් භාරදීමට කටයුතු කරයි. දිවයින පුරාම තම සේවාවන් ක්‍රියාත්මක කරන අන්තර්ජාල ඔසුසල් කිහිපය අතරින් එකක් වන එය, පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස නිවෙස්වල රැඳීසිටිමින් තමන්ට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය නිෂ්පාදන නිවෙසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලබාදෙන කාලීන සේවාවකි.