• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහස් රැසක් හෙළිකරමින් කොළඹින් හමුවුණු බුදුරදුන්ගේ පාත්‍රා ධාතුව…

April 9, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
රහස් රැසක් හෙළිකරමින් කොළඹින් හමුවුණු බුදුරදුන්ගේ පාත්‍රා ධාතුව…
Share on WhatsAppShare on Facebook

ලොව පුරා බෞද්ධ සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ බුදුරදුන් හා සම්බන්ධ ධාතුන්වහන්සේ විශාල ප්‍රමාණයක් ලෝකයේ බොහෝ තැන්හි වැඩවාසය කරති. උන්වහන්සේගේ ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික වශයෙන් කොටස් තුනකට වෙන්වූ ධාතුන්වහ්නසේ මෙලෙස ලොව පුරා විවිධ රටවලට බෙදී වැඩමවා වන්දනාමානයට පාත්‍රව වැඩසිටිති. ඒ අතරින් ශාරිරික ධාතුන් යනු බුදුන්වහන්සේගේ ශරීර කොටස්ය. ඒ අතරට කෙස්, ලොම්, නිය, දන්ත හා අස්ථි කොටස් අයත් වන අතර පාරිභෝගික ධාතුන් අතරට උන්වහන්සේ භාවිත කළ දේ අයත් වෙයි. ඒ, සිවුරු, පාත්‍රා, සිරිපා සටහන්, බෝධින්වහන්සේ වැනි දේවල්ය. උද්දේශික යනු බුදු රජාණන්වහන්සේ උදෙසාම තනන ලද බුද්ධ ප්‍රතිමා වැනි දේය.

මේ ආකාරයට ලොව පුරා ධාතුන්වහන්සේ බෙදී යද්දී උන්වහන්සේ උපන් බිමටත් වඩා ධාතුන්වහන්සේ වැඩි ප්‍රමාණයක් ලැබීමට තරම් මේ ලක් පොළොව භාග්‍යවන්ත වූ බව රහසක් නොවේ. ඒ බව ධාතුවංශ කතා ඇසුරින්ද මනාව පැහැදිලි වන්නේය. ඒ අනුව බලද්දී අප රට තරම් පින් බිමක් තවත් නැති තරම්ය.

එලෙස ධාතුන්වහන්සේ වැඩවාසයට මේ පින් බිම නිරන්තරයෙන් සුදුසුකම් ලබද්දී බුදුන්වහන්සේගේ පාරිභෝගික ධාතුන් අතර සුවිශේෂ වූ වස්තුවක් සේ සැලකෙන පාත්‍රා ධාතුවක්ද මේ වන විට වැඩසිටින්නේ ලක් බිම තුළය.

පාත්‍රා ධාතු හා සම්බන්ධ කතිකාවේදී පාත්‍රා ධාතු කිහිපයක් උන්වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ වෙයි. බුදුරදුන් බෝධිසත්ව අවධියේදී ඝටීකාර බ්‍රහ්මයා පාත්‍රා ධාතුවක් පූජා කළ අතර එම පාත්‍රා ධාතුව සුජාතා සිටු දේවිය කිරිපිඬු දානය පූජා කරන තෙක්ම උන්වහන්සේ භාවිත කළහ. සුජාතාව කිරිපිඬු පූජා කරන අවස්ථාවේ උන්වහන්සේ එතෙක් භාවිත කළ පාත්‍රා ධාතුව අතුරුදන් වූ බවයි පැවසෙන්නේ. සුජාතාව කිරිපිඬු පූජා කළ බව පැවසෙන්නේ ඉතා ඉහළ වටිනාකමක් සහිත පාත්‍රයකිනි. උන්වහන්සේ නේරංජනා නදියේ පාකර හැරියේ එම වටිනා පාත්‍රයයි. එලෙස පාකර හැරි රත්‍රං පාත්‍රය අතුරුදන්වී නාග ලෝකයට වැටුණු බවත්, අප ගෞතම බුදුන්වහන්සේට ප්‍රථම බුද්ධත්වය ලැබූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන් බෝසත් කල දන් පිළිගත් පාත්‍රාත් සමග අප ගෞතම බුදුන්වහන්සේට සුජාතාව දන් පිළිගැන්වූ පාත්‍රා ධාතුවත් ඉතා සුරැකිව නාලොව තැන්පත්ව ඇති බවයි බෞද්ධ විශ්වාසය.

අප බුදුරදුන් බුද්ධත්වයට පත්ව සත්වැනි සතියේදී තවත් පාත්‍රා ධාතුවක් පිළිබඳ කතිකාවක් ගොඩනැගෙන අතර ඒ, තපස්සුභල්ලුක වෙළෙඳ දෙබෑයන්ගේ දන් පිළිගැන්වීම හා සම්බන්ධ වෙමිනි. ඒ මොහොතේ වෙළෙඳ දෙබෑයන්ගේ දානය පිළිගන්නට උන්වහන්සේ සතුව පාත්‍රා ධාතුවක් නොවූ අතර සතරවරම් දෙවිවරු ඒ බව දැක රත්‍රං පාත්‍රා හතරක් රැගෙනවිත් පූජා කරන්නට යෙදුණද එය පිළි නොගැනීම බුදුන්වහන්සේගේ තීරණය විය. එනිසාවෙන් සතරවරම් දෙවිවරු රත්‍රං පාත්‍රා රැගෙන ගොස් ගල් පාත්‍රා සතරක් පූජා කරන්නට කටයුතු කළ බව වංශකතාවල සඳහන් වේ. එසේ පූජා කළ පාත්‍රා සතර බුදුන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් එක් පාත්‍රාවක් වූ බවත් සඳහන් වෙයි. එතැන් පටන් උන්වහන්සේ සතරවරම් දෙවිවරුන් පූජා කළ එම පාත්‍රයේ දන් වැලඳූ බවයි පැවසෙන්නේ. එහෙත් උන්වහන්සේ විටින් විට අතිරේක පාත්‍රයක් භාවිත කර තිබේ. එය මැටි පාත්‍රයකි.

කෙසේ නමුදු බුදුන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ දන් වැලඳූ ශෛලමය පාත්‍රා ධාතුව අශෝක අධිරාජ්‍යයාට ලැබී ඇති අතර පසු කලෙක මිහිඳු හිමිගේ ඉල්ලීම පරිදි සුමන සාමණේරයන් දඹදිවට වැඩම කර මේ ශෛලමය පාත්‍රා ධාතුවත්, ඒ තුළ වූ සර්වඥ ධාතුන්වහන්සේලාත් ලංකාවට වැඩම කරවන්නේ ඉතා ගෞරවයෙනි. එසේ වැඩමකරවූ ධාතුන්වහන්සේලා ක්‍රි.පූ. තුන්වැනි සියවසේදී දේවානම් පියතිස්ස රජු විසින් මෙරට යොදුනෙන් යොදුනට නිදන් කොට තැන්පත් කොට චෛත්‍ය කරවා ඇත්තේ මුළුමහත් ලක්වාසීන්ට වන්දනා මානය කිරීම සඳහාය.

සර්වඥ ධාතුන් එසේ චෛත්‍ය තුළ තැන්පත් කළද පාත්‍රා ධාතුව රජගෙදර තබා ගනිමින් ජීවමාන බුදුන්ට මෙන් පුදපූජා සත්කාර කරමින් එය රාජ්‍යත්වයේ සංකේතයක් සේ සලකා කටයුතු කළ බවත් පැවසෙනවා. මේ හේතුව මතම වළගම්බා රජ දවස පාත්‍රා ධාතුවේ රහස දැනගත් සොලියෙක් පාත්‍රා ධාතුව රැගෙන ඉන්දියාව බලා පලාගොස් තිබේ. එහෙත් ගජබා රජු මෙරට පාලන බලය ලබාගත් විගස මේ පාත්‍රා ධාතුව තමන්ගේ රාජ්‍ය පාලනයට අත්‍යාවශ්‍ය බව දැන යළිත් එය ඉන්දියාවෙන් ලංකාවට වැඩමවන්නට කටයුතු කර තිබේ.

දළදා වහන්සේ හා සමානවම මෙරට රාජ්‍යත්වයට පාත්‍රා ධාතුවද වැදගත් වූ හෙයින් එයද ඉතා ආරක්ෂිතව තමන් සන්තකව තබාගැනීම මෙරට රජවරුන්ගේ ප්‍රධාන අභිප්‍රාය විය. එහෙත් පෘතුගීසි ආක්‍රමණයත් සමගින් දළදා වහන්සේ කෙසේ හෝ සඟවා ආරක්ෂා කරගත්තද පාත්‍රා ධාතුව ආරක්ෂා කිරීම පහසු කටයුත්තක් නොවූ හෙයින් හයවැනි පරාක්‍රමබාහු රජු කෝට්ටේ පාලනය කළ අවධියේ මෙම පාත්‍රා ධාතුව බෙලිගල ධාතු ස්තූපයේ අධි ආරක්ෂිත අයුරින් තැන්පත් කළ බව බෙලිගල තඹ සන්නසට අනුව පැහැදිලි වේ.

මේ පුවත බොහොමයක් දෙනා දැන උන්නද බුදුන්වහන්සේ තම ජීවිතයේ අවසන් කාලයේ දන් වැලඳීම උදෙසා භාවිත කළ අතිරේක පාත්‍රා ධාතුවද ලක්බිමට හිමිවීම තවත් සුවිශේෂ කරුණකි. එයට මඟ පෑදෙන්නේ මෑත ඉතිහාසයේදීය. අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්වහන්සේගේ මැදිහත් වීමෙන් එලෙස මෙරටට වැඩම කළ අනෙක් පාත්‍රා ධාතුව බුදුන්වහන්සේ දන් වැලඳූ මැටි පාත්‍රා ධාතුවකි. එය උන්වහන්සේගේ ජීවිතයේ අන්තිම කාලයේ අතිරේකව භාවිත කළ පාත්‍රා ධාතුවක් බවත්, ඉතිහාසයේ සඳහන් වේ. එම පාත්‍රා ධාතුව මේ වෙද්දී කොළඹ මාලිගාකන්ද විfiා්දය පිරිවෙනේ විශේෂිත කරඬුවක් තුළ තැන්පත් කර ඇති අතර එය ඉන්දියාවේදී මෑත ඉතිහාසයේ සිදුකළ කැණීමකදී හමුවූවකි. ඉතා ආරක්ෂිතව කරඬු කිහිපයක් තුළ තැන්පත් කර තිබී ඇති මෙම පාත්‍රා ධාතුව කොටස් වශයෙන් කැඩී තිබුණද එම කොටස් වටිනා රන් කරඬුවක් තුළ තැන්පත් කර තිබී ඇත. විශේෂයෙන්ම ඉතා ආරක්ෂිත ආකාරයට කරඬු පහක් තුළ මෙම පාත්‍රා කොටස් තැන්පත් කර තිබීම තුළ හෙළිවන්නේ මෙම පාත්‍රා ධාතු කොටස්වලට ඉන්දියානුවන්ගේ ඇති ගෞරවය සහ භක්තියයි. කෙසේ වුවද එතරම් වටිනා කියන මෙම පාත්‍රා ධාතු කොටස් සොයාගැනීම ගැන ආරංචි වූ විගස අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් එම ධාතු කොටස් ලංකාවට දෙන්නැයි ඉල්ලීමක් කරන්නේ තම සිත තුළ ඇතිවූ අතිමහත් ශ්‍රද්ධාව නිසාමය. එකී ඉල්ලීම කෙරෙහි ඉන්දියාවෙන් උසස් ප්‍රතිචාර ලැබෙන අතර එවක බොම්බායේ ආණ්ඩුකාරයා හරහා පාත්‍රා ධාතුවේ විශාල කොටසකුත්, කැණීම්වලදී හමුවූ රන් මල් හතකුත්, වාසචූර්ණ (සඳුන්) ගුළියකුත් එම පූජා වස්තූන් සමග සුමංගල හිමියන්ට ඉන්දියාවෙන් ලිපියකුත් ලැබී තිබෙනවා. ඒ, 1882 සැප්තැම්බර් මස 05 වැනිදා භගවාන්ලාල් ඉන්ද්‍රජි පඬිතුමා ලියන ලද එම ලිපිය මාලිගාකන්ද විfiා්දය පිරිවෙනේ ආරක්ෂිතව තැන්පත් කිරීමටත් කටයුතු කර ඇති අතර එම ලිපියේ සිංහල පරිවර්තනය මෙසේ වෙයි.

1882ක් වූ සැප්තැම්බර් මස 05 වැනි දින
බොම්බායේ කල්බාදේවි වීදියේ
නො. 78 දරන ස්ථානයේදීය.

ශ්‍රීපාදස්ථානයේ අධිපති සහ ගාලු පළාත් ප්‍රධාන සංඝනායක ධුරන්දර කොළඹ විfiා්දය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්ථවිරයන්වහන්සේ වෙතටයි.
ගරු ස්වාමින්වහන්ස,
අපරන්ත ජනපදයෙහි සෝපාර (සුප්පාරක පට්ටන) නම් ස්ථානයේ තිබී සොයාගන්නා ලද බෞද්ධ පුරාණ වස්තූන් සම්බන්ධයෙන් ඔබවහන්සේගේ අදහස්වලට ආණ්ඩුකාරතුමන් සතු වන හෙයින් ලෝක පූජිත ශාක්‍යමුනින්ද්‍රයන්වහන්සේගේ භික්ෂා පාත්‍රයෙන් ඛන්ධයක්ද ඊට පුදකොට තිබුණු රන් මල් හතක්ද, වාසාචූර්ණ කැබැල්ලක්ද මේ සමග ඔබවහන්සේ වෙත එවීමට අප සමිතියේ ලේකම්තුමා සතුටු වෙයි. ඔබවහන්සේ වෙත එවනු ලබන මෙම පාත්‍රා ධාතු ඛණ්ඩය වනාහි නිධානයේ තිබී අපට ලැබුණු කැබලි දහතුනෙන් ඉතා හොඳ එකය. එය සර්වඥයන් වහන්සේගේ පාත්‍රයෙහි වර්ණය හා ආකාරයද මෙබඳු යැයි හැඟීමක් ඇතිකරයි. බුදුරජාණන්වහන්සේ විසින් මීට අවුරුදු 2,400කට ඉහතදී පරිභෝග කළ වස්තුවක කොටස් වන හෙයින් ඒ පාත්‍රා ධාතු ඛණ්ඩ ස්වභාවයෙන්ම බෞද්ධ ලෝකයාට පමණක් නොව සාමාන්‍ය උගත් ලෝකයාටද ප්‍රීතිදායක වන්නේමය.
සුප්පාරක පටුනෙහි පුරාවස්තු ගැන මා විසින් ලියන ලද ලිපියක් ළඟදී ප්‍රකාශයට පැමිණේ. ඒ ප්‍රකාශයට පැමිණි ඉක්මනින් එයින් පිටපතක් ඔබවහන්සේ වෙත එවන්නෙමි. සුප්පාරක පටුනෙහි චෛත්‍ය හා අනෙක් පුරාවස්තූන් පිළිබඳවද ඔබවහන්සේ කැමැති වන සියලු තොරතුරු එයින් දැනගන්නට ලැබේ යැයි බලාපොරොත්තු වෙමි.

මේ වගට, ඔබහන්සේගේ විශ්වාසී වූ
භග්වාන්ලාල් ඉන්ද්‍රජි

එලෙස ලංකා භූමියට වැඩමකරවූ පාත්‍රා ධාතු ඛණ්ඩය හා අනෙක් පූජා වස්තූන්ද එවක ලංකාවේ ආණ්ඩුකාර තැනගේ උදව් ඇතිව සතියක් පුරා පූජා පවත්වා ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ වන්දනාමානයට ලක්කොට ඉතා ආරක්ෂිතව විfiා්දය පිරිවෙනෙහි තැන්පත් කිරීමට සුමංගල හිමියෝ කටයුතු කළහ. මුලින්ම පළිඟු කරඬුවකත්, දෙවැනුව රිදී කරඬුවකත්, ඉන් පසුව එම රිදී කරඬුව විශාල ලී කරඬුවකත් තැන්පත් කිරීමට කටයුතු යොදා ඇති අතර එදා මෙදාතුර ඉතිහාසය පුරාත්, අනාගතයේදීත් මේ උතුම් පාත්‍රා ධාතු ඛණ්ඩය බෞද්ධයන්ට මහා සම්පතකැයි පැවසීම අසත්‍යයක් නොවන අතර අප තථාගතයන් වහන්සේ දන් වැලඳූ පාත්‍රා ධාතුවක් සියැසින් දැකගන්නට ලැබීම බෞද්ධ ජනයාට කොතරම් නම් භාග්‍යයක්ද යන්න අමුතුවෙන් ලිවිය යුතු නොවේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

2022 අලුත් අවුරුද්දේ සෞභාග්‍ය උදාකරගන්න බලගතු පූජාවක්…

Next Post

මහනුවර මහාමායා විද්‍යාලයේ 90 වැනි සංවත්සරයට සමගාමීව මහජන බැංකුවෙන් විශේෂිත ණය කාඩ්පතක්…

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.