තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට අත්‍යාවශ්‍යම මග පෙන්වීම සහ සහයෝගය සම්පත් සවිය ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ ලබාදෙයි.
සම්පත් බැංකුවේ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන වන ‘සම්පත් සවිය’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ නවක ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් උපදේශන සේවා ලබාදීම සඳහාම දුරකතන සේවාවක් පසුගියදා හඳුන්වාදෙන ලදී.
මෙරට ව්‍යවසායකයන් හට සහාය දක්වමින් දිවයින පුරා ව්‍යවසායකත්ව සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා වන සම්පත් බැංකුවේ දිගුකාලීන ප්‍රයත්නයෙහි එක් පියවරක් ලෙස මෙම වැඩසටහන පෙන්වා දිය හැකිය.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී තීරණාත්මකව අවධානය යොමුකළ යුතු මූලික ව්‍යාපාර සංවර්ධන අදියරේදී නවක ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවන අභියෝග කෙරෙහි අවධානය යොමුකරමින් ව්‍යාපාර ආරම්භය සඳහා අවශ්‍ය සහාය සැපයීම මෙම නව වැඩසටහනින් අරමුණු කෙරේ. එහිදී ව්‍යාපාරයේ මූලික අදියරේදී ව්‍යාපාර සැලසුම්කරණය, ලියාපදිංචි කිරීම හා ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කිරීම යනාදිය පිළිබඳ මගපෙන්වීම හා උපදේශනය කරන අතර නවක ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් සහාය දක්වන ආයතන සමග සම්බන්ධ වීමට මෙන්ම බැංකුව සමග ව්‍යාපාර සබඳතා ගොඩනගා ගැනීමටත් ව්‍යාපාර සංවර්ධනය සඳහා වන ඉගෙනුම් වැඩසටහන් වෙත ඔවුන් යොමුකිරීමට අවශ්‍ය තොරතුරු ලබාදීමත් සම්පත් බැංකුව විසින් සිදුකරනු ලබයි.











