මහජන බැංකුව, සිය 60 වැනි සංවත්සරය නිමිති කරගනිමින් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින විශ්‍රාමික, මියගිය හමුදා නිලධාරියකුගේ පවුලකට මූල්‍ය ආධාර ලබාදීම සහ පැල්මඩුල්ල, ඕපනායක, උඩවෙල ප්‍රදේශයේ ඉදිකෙරෙන ඔවුන්ගේ නිවෙසේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා යුද හමුදා ගැමුණු හේවා බළකාය සමඟ අත්වැල් බැඳගන්නා ලදී. මෙම මියගිය හමුදා නිලධාරියාගේ බිරිඳ පිළිකා රෝගයකින් පෙළෙන අතර, ඇය හා ඔවුන්ගේ දියණියන් තිදෙනා ඉදිකිරීම් අවසන් නොවූ, අබලන් තත්ත්වයේ පවතින නිවෙසක ජීවත් වෙති.
රත්නපුර, කුරුවිට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරී බි්‍රගේඩියර් රොෂාන් ජයමාන්න මහතාගේ ඉල්ලීම පරිදි, මහජන බැංකුව සහ මහජන බැංකුවේ රත්නපුර බෞද්ධ සමාජය විසින් මෙම පවුල වෙත මූල්‍ය සවිය පිරිනමන ලදී. ප්‍රාදේශිකයේ කාර්ය මණ්ඩලය රුපියල් 600,000/-ක පමණ මුදලක් මෙම පවුලට මූල්‍ය සවියක් ලබාදීම වෙනුවෙන් ඒකරාශී කර තිබේ.











