• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෙකක් එකට නොයෙදෙන අමුතු යෝග තුනක්

July 24, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
දෙකක් එකට නොයෙදෙන අමුතු යෝග තුනක්
Share on WhatsAppShare on Facebook

ඕනෑම ජන්ම පත්‍රයක චන්ද්‍රයා සිටි තැනින් දෙපස පිහිටන ග්‍රහයන් අනුව සුනථා, අනථා හා ධුර්ධරා යන යෝග ත්‍රිත්වය නිර්මාණය වේ. මෙකී යෝගයන්හී විශේෂත්වය වනුයේ මින් යෝග දෙකක් එක විට හඳහනේ නොපිහිටීමයි. එනම් ක්‍ෂේත්‍රයේ එක් යෝගයක් හෝ යෝග තුනම හෝ එකටය. සුනථා යෝගය යනු ජන්ම පත්‍රයක රවි ග්‍රහයා හැර වෙනත් ග්‍රහයෙකු හෝ ග්‍රහයන් කිහිප දෙනෙකු චන්ද්‍රයාගෙන් දෙවැන්නේ තැන්පත් වීමයි. සුනථා යෝගය පිහිටි ජන්මියා ස්වෝත්සාහයෙන් දියුණු වන බුද්ධිමත්, ධනවත් නිදහස් මතධාරී ප්‍රසිද්ධ වන රජෙකුට හෝ පාලකයකුට සමාන අයෙකි. එහෙත් සඳුගෙන් දෙවැන්නේ පිහිටි ග්‍රහයා අනුව උක්ත පලාපල විචලනය විය හැකිය. ඒ මෙසේය.

• සඳුගෙන් දෙවැන්නේ ගුරු පිහිටි කල සුප්‍රසිද්ධ විවිධ ක්‍ෂේත්‍රයන්හි හසළ දැනුමක් ඇති ප්‍රධානත්වය නිතැතින්ම හිමිවන වස්තු සම්පත්, භව-භෝග හිමි අයෙකි.
• සඳුගෙන් දෙවැන්නේ සිකුරු පිහිටි කල ඉක්මනින් ධනවත් වන කාර්යශූර බොහෝ දස්කම්වලින් යුතු අයෙකි.
• සඳුගෙන් දෙවැන්නේ බුධ පිහිටි කළ ධාර්මික, බුද්ධිමත්, කතාවෙහි දක්‍ෂ ස්වභාව සෞන්දර්ය අගයන නීතිගරුක අයෙකි.
• සඳුගෙන් දෙවැන්නේ කුජ පිහිටි කල බොහෝ බලසම්පන්න නිතර කෝපවන, නිර්භීත කෙසේ හෝ ධනවත් වන අයෙකි.
• සඳුගෙන් දෙවැන්නේ ශනි පිහිටි කල බොහෝ දෙනාගේ අවධානයට ලක්වන පුද්ගලයෙකි.

තවද මෙම යෝගයෙන් ගෙන දෙන සුබ පල නොඅඩුවම භුක්ති විඳීමට නම් යෝගයට දායක ග්‍රහයන් උච්ච, ස්වක්‍ෂේත්‍ර, මිත්‍ර ආදී බලයෙන් සිටිය යුතුය. එසේම යෝගයට දායක ග්‍රහයන් රාහු හෝ කේතු සමග නොවිය යුතුය. එපමණක් නොව චන්ද්‍රයා රාහු හෝ කේතු සමග නොවිය යුතුය. යම් ලෙසකින් චන්ද්‍රයා රාහු හෝ කේතු සමග සිටීමෙන් මෙන්ම රාහු සඳුගෙන් දෙළොස් වැන්නේ සිටීමෙන් යෝගයේ ප්‍රබලත්වය හීන වී යයි.

අනථා යෝගය යනු ජන්ම පත්‍රයක රවි ග්‍රහයා හැර වෙනත් ග්‍රහයෙකු හෝ ග්‍රහයන් කිහිප දෙනෙකු සඳුගෙන් දොළොස් වැන්නේ තැන්පත් වීමයි. අනථා යෝගය පිහිටි ජන්මියා ආකර්ෂණීය පෙනුමකින් යුතු ත්‍යාගශීලී ආත්මවිශ්වාසයෙන් හා ආත්ම අභිමානයෙන් යුතු කීර්තිමත්, ධනවත් ලස්සනට අඳින – පලඳින අයෙකි. එහෙත් උක්ත පලාපල සඳුගෙන් දොළොස් වැන්නේ සිටින ග්‍රහයා අනුව තරමක් වෙනස් වෙයි.

ඒ මෙසේය,
• සඳුගෙන් දොළොස් වැන්නේ ගුරු වේ නම් ධනවත්, බුද්ධිමත්, අවංක රාජ්‍ය සම්මානයට පාත්‍ර වන ගෞරවනීය අයෙකි.
• සඳුගෙන් දොළොස් වැන්නේ සිකුරු වේ නම් භූමි සම්පත්වලින් දියුණු වන විරුද්ධ ලිංගික ආකර්ෂණය වැඩි අයෙකි.
• සඳුගෙන් දොළොස් වැන්නේ බුධ වේ නම් කලාවට හා සෞන්දර්යයට ළැදි, ප්‍රසිද්ධ උගත්, මිහිරි වදන් කීමෙහි දක්‍ෂ අයෙකි.
• සඳුගෙන් දොළොස් වැන්නේ කුජ වේ නම් අසාධාරණය පිටුදකින, වහා කෝප වන ආරක්‍ෂක අංශයේ රැකියාවන්හි නියුතු උඩඟු අයෙකි.
• සඳුගෙන් දොළොස් වැන්නේ ශනි වේ නම් කතාවට දක්‍ෂ පිරිස් පාලනයට දක්‍ෂ, ධාර්මික එහෙත් චරිතය තරමක් අයහපත් අයෙකි.

මෙහිදීද යෝගයට දායක ග්‍රහයන්ගේ රාශි ගත බලය ප්‍රබල විය යුතු අතර, උක්ත ග්‍රහයන් රාහු හෝ කේතු සමග නොවිය යුතුය. විශේෂයෙන්ම සඳු – රාහු හෝ කේතු සමග නොවිය යුතුය.

ධුර්ධරා යෝගය යනු ජන්ම පත්‍රයක සඳු දෙපස ග්‍රහයන්ගේ පිහිටීම අනුව නිර්මාණය වන යෝගයකි. පෙර කී සේම මෙම යෝගයේදීද ග්‍රහයන්ගේ රාශිගත බලය සේම භාවගත බලය ප්‍රබල විය යුතුය. මෙහිදීද චන්ද්‍රයා හෝ යෝගයට දායක සෙසු ග්‍රහයන් රාහුගේ කේතුද සමග වේ නම් යෝගයේ සුබ පල හීන වෙයි. කෙසේ වෙතත් ධුර්ධරා යෝගය පිහිටීමට නම් සඳුගෙන් දෙවැන්නේත්, සඳුගෙන් 12 වැන්නේත් රවි හැර සෙසු ග්‍රහයන් පිහිටිය යුතුය. මෙලෙස සඳු දෙපස ග්‍රහයන් පිහිටීම අනුව හිමි වන පලාපලද වෙනස් වේ.

ඒ මෙසේය,
• සඳු දෙපස ගුරු හා සිකුරු වේ නම් පිරිස් පාලන බලයෙන් යුතු වයසට ගියද තරුණ වැඩ කරන අයෙකි.
• සඳු දෙපස ගුරු හා බුධ වේ නම් ලේඛන කලාවට දක්‍ෂ ධාර්මික චතුර කථිකත්වයක් හිමි අයෙකි. මොවුන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඇසුරට ලොල්ය.
• සඳු දෙපස බුධ – සිකුරු වේ නම් බුද්ධිමත් කලාවට ළැදි කලාවෙන් ජනප්‍රිය වන අයෙකි. එසේම කදිම පෙනුමකට හිමිකම් කියයි.
• සඳු දෙපස කුජ හා ගුරු වේ නම් බොහෝ ධනවත්, එහෙත් කැමැති බොහෝ දේ අහිමි වන සතුරන් බහුල අයෙකි.
• සඳු දෙපස කුජ හා බුධ වේ නම් චරිතය අයහපත් වන අතර, නිතර බොරු කියයි. මසුරුකම නිසාම මුදලට ඕනෑම දෙයක් සිදු කරයි. මොවුන් බොහෝ වැඩවලට අති දක්‍ෂය.
• සඳු දෙපස කුජ හා සිකුරු වේ නම් ආකර්ෂණීය සිරුරකි. කෙසේ හෝ ධනවත් වෙයි. එහෙත් චරිතය අයහපත්ය. විනෝදකාමීය.
• සඳු දෙපස ශනි හා ගුරු වේ නම් උගත්ය, ධනවත්ය. ඉතාම සැහැල්ලුවෙන් දිවි ගෙවයි. ඉතාම ඉවසිලිවන්තය.
• සඳු දෙපස ශනි හා බුධ වේ නම් ධනවත් වන උගත් අයෙකි. සංචාරයට ප්‍රියය. මොවුන්ගේ දුර්වලකම වනුයේ තම පවුලට නොසැලකීමයි.
• සඳු දෙපස ශනි හා සිකුරු වේ නම් ධනවත්, ප්‍රසිද්ධ ගරුබුහුමන් ලබන විනෝදකාමී අයෙකි.

ජ්‍යොතිෂවේදී දේශබන්දු ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

සිංහයන්ගේ දේශයේ සිංහ රාජධානිය සොයාගනී

Next Post

මහජන බැංකුවෙන් මියගිය හමුදා නිලධාරියකුගේ පවුලකට නිවෙසක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.