දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ “සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක්” ලෙස Great Place to Work® ආයතනය විසින් තහවුරු කර ඇති අතර, මේ මගින් සිය ආයතනය තුළ සේවකයන් සවිබල ගැන්වීමේ සේවා සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ආයතනයේ කැපවීම යළිත් අවධාරණය කර තිබේ.
විශ්වසනීයත්වය, ගෞරවය, සාධාරණත්වය, අභිමානය සහ සුහදත්වය යන නිර්ණායක පහ මත පදනම්ව ගෝලීයව සහතික කරන ලද ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සේවය කරන කාර්යමණ්ඩලයේ සංඛ්‍යාත්මක නියැදියක් මගින් මෙම Great Place to Work® සමීක්ෂණය සිදුකර තිබේ. 1962 දී රාජ්‍ය රක්ෂණ ආයතනක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ විශාලතම හා ශක්තිමත්ම රක්ෂණ ආයතනය වන අතර ශාඛා 158ක ජාලයක් ඔස්සේ දේශයට රැකවරණය සලසයි.