වෙළෙඳ සේවා හොකී සංගමය මෙහෙයවනු ලබන 47 වැනි වාර්ෂික සත් සාමාජික හොකී තරගාවලිය මෙම මස 09 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. Sri Lanka Latest News
කණ්ඩායම් 26ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 250කට අධික සංඛ්‍යාවක් කාණ්ඩ 6ක් යටතේ තරගාවලියට එක්ව සිටිති. 1973 වසරේදී ආරම්භ වූ වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා පැවැත්වෙන හොකී තරගාවලියද වේ.
මෙවර තරගාවලියට වෙළෙඳ සේවා හොකී සංගම් සභාපති කුසලාන තරග අංශය සමග තවත් තරග අංශ 5ක් ඇතුළත්ය.
ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ හොකී කණ්ඩායම්වල සාමාජිකයන්ද තරග වදින වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලියේ අවසන් තරග එදින පස්වරු 3.00ට ඇරැඹෙන අතර, A කාණ්ඩයේ අවසන් තරගය එදින පස්වරු 4.30ට පැවැත්වෙනු ඇත.
ජනශක්ති සමූහ ව්‍යාපාරය, බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සහ හැලියොන් ලංකා පුද්ගලික සමාගම සහයෝගිතාව තුළින් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ බ්‍රවුන්ස් සහ සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල විජේසිංහ මහතා එක්වීමට නියමිතය.




ප්‍රියන්ත හෙට්ටිගේ











