අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලයට පත්වීමෙන් පසු පැවැත්වූ පළමු මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය පරාජය කරමින් ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා තේරීපත්ව තිබේ.Sri Lanka Latest News
යම්හෙයකින් මම්දානි නගරාධිපති ධුරයට පත්වුවහොත්, නගරයට ලබාදෙන රජයේ අරමුදල් සීමාකරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු අඟවා තිබුණු පසුබිමක් යටතේ මෙම ජයග්‍රහණය ට්‍රම්ප් හට ප්‍රබල අනතුරු ඇගවීමක් බව නිරීක්ෂකයන්ගේ මතය වී ඇත.
ඒ අනුව, අමෙරිකාවේ විශාලම නගරය වන නිව්යෝර්ක් හි නගරාධිපති ධූරයට පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා වන්නේ මම්දානි යි.
ඉන්දු – අමෙරිකානු සම්භවයක් සහිත මම්දානි, සුප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරියක වන මීරා නායර්ගේ පුත්‍රයා ද වේ.
එමෙන්ම ඉදිරියේදී ට්‍රම්ප්ගේ බදු සම්බන්ධයෙන් මේ වනවිට ආමරිකානු අධිකරණය තුළ නඩු විභාගයක්ද පැවැත්වෙන අතර එි තීන්දුව යම් හෙයකින් ට්‍රම්ප්ට අවාසිසහගත ලෙස ලැබුණහොත් එය ට්‍රම්ප්ගේ ඉදිරි දේශපාලනය පිළිබදව ප්‍රබල අනතුරු ඇගවීමක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත.










