ජාත්‍යන්තර තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ නිර්මාණශීලී ප්‍රමුඛයකු වන නිපෝන් පේන්ට් සමාගම, දිවයින පුරා රෝහල් රැසක 3-in-1 MediFresh ආලේපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.
රිදී සහ සින්ක් අයන සහිතව නිපදවා ඇති 3-in-1 MediFresh ආලේපනය බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්තය. මෙම ව්‍යාපෘතිය කොළඹ IDH රෝහලෙන් ආරම්භ වූ අතර, මේ වනවිට රටේ තවත් ප්‍රධාන නගර රැසක පිහිටි රෝහල් වෙතද ව්‍යාප්ත කර තිබේ. සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ රසායනාගාර දෙකක් වන Productivity & Standards Board (PSB) සහ TÜV SÜD PSB හිදී සිදුකරන ලද පුළුල් මට්ටමේ පරීක්ෂණවලට අනුව, 3-in-1 MediFresh නිෂ්පාදනයට, රෝග ඇතිකරන වෛරසවලින් ආරක්ෂාව ලබාදීමේ හැකියාව ඇති බව සායනිකව තහවුරුවී තිබේ.