‘කාලසර්ප යෝගය’ කියූ විගස දැඩි බියට පත්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. මේ වචන කිහිපයට තරම් වෙනත් කිසිවකට බිය නොවන අයද ජන්මීහු අතර සිටිති. ඇතැම් විට මේ බව දත් ජ්‍යොතිෂවේදීන්ද බොහොමයක් සේවාදායකයන්ව බියගන්වන්නට කටයුතු කරනවාද යන්නත් සැක සහිතය. වර්තමානයේ මෙන්ම අතීතයේදී විශාල පිරිසක් තැතිගැන්මෙන් හා දෙගිඩියාවෙන් ජීවත් වන්නට හේතු පාදක වූ කාරණාවක් ලෙස කාලසර්ප යෝගය හඳුන්වා දිය හැකිය. ඊට ප්‍රධානම හේතුව කාලසර්ප යෝගයේ බලවත් බව නොව, ඒ පිළිබඳ මිනිසාගේ සිත තුළ ඇති බලවත් බියයි.
කාලසර්ප යෝගය ගැන පැහැදිලිව හඳුනාගැනීම ඉතා වැදගත් වන අතර, සෑම කෙනකුම දැන සිටීමද වැගත් වේ. එවිට තමාගේ කේන්දරයේ එම තත්ත්වය තිබේද යන්න තමන්ටම දැනගත හැකිය. කාලසර්ප යෝගය ඉතා සරලව හඳුන්වා දෙන්නේ නම් රාහු සහ කේතු යන ග්‍රහයන් දෙදෙනාට මැදිව අනෙකුත් සියලු ග්‍රහයන් පිහිටා ඇත්නම් එය කාලසර්ප යෝගයසේ හඳුන්වයි. මෙය දුටු පමණින් බියට පත්විය යුතු කාරණාවක් නොවන අතරම, එවැන්නක් දුටු විගස ඒ ගැන පලාපල අනාවැකි කීමට යෑමද නොගැළපේ.
කාලසර්ප යෝගය සම්පූර්ණයෙන් යෙදෙන අවස්ථාත්, එය අර්ධ වශයෙන් යෙදෙන අවස්ථාත් ඇති අතර, ඒ පිළිබඳ ඉතා අවබෝධයෙන් හඳුනාගත යුතු වෙයි. එහිදී කාලසර්ප යෝග තත්ත්ව එනම් රාහු කේතු තනිව යෙදී ඇත්නම් නරක ප්‍රතිඵල ගෙන දීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. එහෙත් මේ දෙදෙනා වෙනත් ග්‍රහයන් සමග යෙදීම අර්ධ වශයෙන් කාලසර්ප යෝගය යෙදීමකි. මෙය එතරම් දුරට අපල තත්ත්වය බලවත් නොකර අර්ධ වශයෙන් අපල ගෙන දෙන බවද දත යුතුය. යම් කේන්දරයක 3,6,9,11 යන ස්ථානය මෙම යෝගය යෙදීමද එතරම් තදබල අපල ගෙන නොදෙන බව විශ්වාසයකි. ඊට හේතුව 3,6,9,11 යන ස්ථාන රාහු හා කේතු ග්‍රහයන්ට එතරම් අසුබ ස්ථානයක් නොවන බැවිනි. එසේම මෙම යෝගය යෙදී ඇතත් යම් ලෙසකට රාහු කේතු දිශාවනව් නොලබන ජන්මියකු නම් මෙයින් සිදුවන අයහපත ගැන බියවිය යුතු නොවේ.
එහෙත් කාලසර්ප යෝග ඇත්තන්ට රාහු කේතු දශා ලබයි නම් එය එතරම් සුබදායක ලෙස ජ්‍යොතිෂයේ සඳහන් නොවේ. එයින් ජන්මියකුට යම් තදබල අපල උපද්‍රව ඇතිවිය හැකි බවට විශ්වාස කරයි. එසේම මෙම යෝගය යෙදෙන භාවය අනුවද මෙහි අසුබ තත්ත්වය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න වටහාගත යුතුය. විශේෂයෙන්ම 7 වැන්න හා සම්බන්ධව මෙම යෝගය යෙදුණු කල්හි විවාහයට මෙහි බලපෑම තදින්ම ඇතිවන බව තේරුම් ගත යුතුව ඇත.
කලකට පෙර අකාලයේ මියගිය ලෝකයේ සුප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනකුගේ කේන්දරවල මෙම යෝගය අයහපත් අයුරින් පිහිටා තිබූ බව දක්නට ලැබී ඇත. එහෙත් එකවරම කලබලවී ඔවුන් මියගියේ මෙම යෝගයෙන් බව යම් කෙනකු පවසා සිටී නම් එය විශාල අතපසුවීමක් බව පසක් වන කරුණක් එම කේන්දරවලින්ම හඳුනාගන්නට ජ්‍යොතිෂවේදීන් සමත්ව තිබේ.
එනම් ඒ කේන්දර හිමියන් අල්ප ආයුෂ ඇතිව උපන් අය බවට පැහැදිලි වීමෙනි.
එහෙයින් කාලසර්ප යෝගය බියවීමට හෝ බිය කිරීමට යොදාගත හැක්කක් නොවන අතර, එය ඉතා අවබෝධයෙන් පැනගත යුතු ජීවන කඩුල්ලක් ලෙස සැලකීම සෑම ජන්මියකුගේම සුබ සිද්ධියට හේතු වනු ඇත.
වාස්තු සහ ජ්‍යොතිෂවේදී, ටී. බණ්ඩාර