2021 SLIM නීල්සන් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලෙස සම්මාන දිනා ගැනීමට ලංකා බැංකුව සමත් විය. මෙරට ප්‍රමුඛතම බැංකුව වන ලංකා බැංකුව සන්නාමයක් ලෙස ජනතාව තුළ නිර්මාණය කර ඇති ශක්තිය හා හැඟීම මෙම සම්මානය මගින් පිළිබිඹු වේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කර ලද මෙම වැඩසටහන ලොව සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සමීක්ෂණ සමාගමක් වන නීල්සන් සමාගම සමඟ ඒකාබද්ධව දිවයිනේ කීර්තිමත් සන්නාම සහ ආයතන ඇගයීමට ලක්කරන ප්‍රමුඛතම වැඩසටහනකි. මෙම සම්මාන උළෙල මෙරට කීර්තිමත් සන්නාමයන් අතරින් ජනතාවගේ සැබෑ තේරීම ලෙසින් ඉදිරියට එන සන්නාමයක ශක්තිය පෙන්නුම් කිරීමට කදිම වේදිකාවකි. සියලුම සම්මානලාභීන් තෝරාගනු ලබන්නේ නීල්සන් සමාගම විසින් දිවයින පුරා සිදුකරන ලද සමීක්ෂණ මගිනි. මෙම ස්වාධීන සමීක්ෂණ මගින් අදාළ වෙළෙඳ නාමය ජනතාව සමඟ ඇති බැඳීම සහ එම සන්නාමය ජනතාව සමඟ සිදුකරන සන්නිවේදනයේ ඵලදායී බව පිළිබඳව හෙළි කරයි. නීල්සන් ආයතනය මගින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මහා පරිමාණ සමීක්ෂණයක් සිදු කරන අතර ඔවුන් පවසන්නේ මෙම ජයග්‍රාහක සන්නාමයන් සැබවින්ම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මනසෙහි සදාකාලිකව සනිටුහන් වී ඇති බවයි.