ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වහන්සේට දුරකතන ඇමතුමක් ලබා දී දොස් පැවරූ බව එහිමියන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඊයේ (16) දහවල් මෙසේ අගමැතිවරයාට ඇමතුමක් ගෙන ඇති මුරුත්තෙට්ටුවේ හිමියන් සිදුවූ සියල්ල ඒ අයුරින්ම අගමැතිවරයාට පැවසීමට පියවර ගෙන තිබේ.
ඒ වනවිට අගමැතිවරයා රැදී සිට ඇත්තේ තංගල්ලේ කාල්ටන් නිවසේය.
කෙසේවෙතත් කලබල නොවන ලෙස එහිදී දැනුම් දී ඇති අගමැතිවරයා තමන් අද (17) දින කොළඹ පැමිණෙන බවත්, ඒ පැමිණි වහා මුරුත්තෙට්ටුවේ හිමියන් බැහැදැකීමට අභයාරාමයට පැමිණෙන බවත් දැනුම් දී ඇති බව පැවසේ.










