• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දැකලා තිබුණට අහල නැති ගෝල් පාස්

April 17, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දැකලා තිබුණට අහල නැති ගෝල් පාස්
Share on WhatsAppShare on Facebook

නගරය ජනාකීර්ණය. එහා මෙහා යන සුදු මිනිසුන්ගේ මුවින් පිටවන ඉංග්‍රීසි වචන නගරය වටා ඇති සුවිසල් කොටු බැම්මේ වැදී දෝංකාර දෙන්නේය. ඒ අතරේ සිංහල වචනයක් දෙකක් ඉඳහිට හෝ නොඇසුනාමත් නොවේ. එහෙත් වැඩිපුරම ඇසුණේ සම සුදු මිනිසුන්ගේ මුවින් වතුර මෙන් ගලාගිය ඉංග්‍රීසි වදන්ය. නගරය වටකොට ඉදිවූ මහා ප්‍රාකාරයේ තැනින් තැන අවි අමෝරාගත් ඉංග්‍රීසි හේවායන් ඇස්ගෙඩි කරකවමින් විපරමෙන් උන්නේය. ඇතුළත වීදි ඔස්සේ කඩිසර ගමනින් ඔබ මොබ දිවගිය හේවායන්ද නිතරම සිටියේ යුද්ධයකට සූදානමින් බලා සිටිනවා වැනි කඩිසරකමකිනි.

කොටු බැම්ම මත තැන තැන ඉදිවූ අනෙකුත් ගිනි අවි අමෝරාගෙන සිටි හේවායන්ගේ දෑස් ඈතින් පෙනෙන මුහුදු රළ මත පතිත හිරු කිරණ වැදී දිලිසෙමින් තිබුණේය. ඒ අතරේ ඔවුහු විටින් විට කොටු බැම්ම පාමුල ඉදිකෙරුණු මනා දිය අගල දෙසද බැලුවෝය. කොටු බැම්මට සමාන්තරව නගරය වටකොට සැකසූ දිය අගලේ ඔබ මොබ පිහිනා යන කිඹුලන් ගොදුරක් අපේක්ෂාවෙන් මුව අයාගෙන ඉන්නා අයුරු කාගෙත් සිත්තුළ ඇති කළේ භීතියකි. දිය අගල ඉදිකළ සුදු ජාතිකයන්ද එම කිඹුලන්ට බියවූයේ උන්ට ගොදුරක් මිස පාටක් පක්ෂයක්, ජාතියක් අනවශ්‍ය බව දන්නා නිසාය.

මිනී රසට ලොබබැඳි මේ කිඹුලන්ගේ වැඩි අවධානයක් ලක්වූ සුවිශේෂී තැනක් කොටු පවුරේ දකුණු දෙසින් තිබුණේය. ඒ කොටු බැම්මෙන් පිටතට යන්නට ඉදිකළ කුඩා දොරටුවකි. එම දොරටුවෙන් යන්නන්ට සහ එන්නන්ට දිය අගලක් එපිටට යෑමට ඉදිකර තිබුණේ දම්වැල් යෙදූ පටු පාලමකි. මේ පාලම අවශ්‍ය මොහොතට පහත් කිරීමටත් අනවශ්‍ය වූ විට හකුළා තැබීමටත් හැකි වන අයුරින් ඉදිකර තිබිණි. කිඹුලන් එම පාලමේ කිරි කිරි හඬට සංවේදීය. පාලම ඇරෙන හඬත් වැහෙන හඬත් උන් හොඳහැටි දැන සිටියේය. පාලම පහත් වෙද්දී කිඹුලන් දෙතුන් සියයක් ඒ අසල රොක් වන්නේ පාලම මතින් ඔබමොබ යනෙන මිනිස් ලේ සුවඳට ගිජුකමිනි. යම් ලෙසකට පාලම මතින් සතුරකු කොටුව දෙසට එන්නේ නම් කොටු පවුර මත සිටින හේවායන්ගේ ගිනි අවි පත්තුවන්නේ පාලමෙන් දිය අගලට වැටෙන සතුරාගේ සිරුර අතුරුදහන් වන්නේත් තත්පර ගණනකදීය.

මේ එදා කොළඹ කොටුවත්, එදා ගෝල්පාස් නමින් හැඳින්වූ අද ගෝල්ෆේස් ප්‍රදේශයත් දක්නට ලැබුණු ආකාරයය. එදා කොළඹ කොටුව ප්‍රදේශයෙන් දකුණට වූ බිම් තීරය තැනිතලා හිස් බිමක් ලෙස පැවතුණේය. එම බිම් තීරය එදා හැඳින්වූයේ ගාලු මුවදොර වශයෙනි.
කෙසේ නමුත් ඕලන්ද ජාතිකයන් මේ කොටු පවුරේ දකුණු ගේට්ටුවට ගාලු කොටුව යන්නෙන් හඳුන්වන්නට පුරුදුව තිබේ. එහෙයින් ඔවුහු නිතරම ‘ගෝල් පාස්’ යන යෙදුම ඊට භාවිත කර ඇති අතර පසු කලෙක ‘ගෝල්පාස්’ ගෝල්ෆේස් වූවා යැයිද අනුමාන කෙරේ.

ඉන්පසු ඉංග්‍රීසීන් ලංකාවේ පාලන බලය අල්ලාගත් පසු සිය හමුදාවන්ගේ ශරීර සුවතා කටයුතු පිණිස ගාලුමුවදොර භාවිත කළ බව පැවසේ. මෙයට අමතරව කොටු පවුරේ දකුණු ඉම තවත් කාරණා කිහිපයකම යොදා ගත් බවටද සාධක හඳුනාගෙන තිබේ. ඒ අතර ප්‍රධාන තැනක් ගත්නේ සිය හමුදාවන්ගේ වැරැදි කරන සෙබළුන්ට දඬුවම් පැමිණවීමටත්, ඔවුන්ට වෙඩි තැබීමටත් මෙම ඉසව්ව භාවිතා කිරීමයි. ඒ අනුව වරින්වර සෙබළුන් කිහිපදෙනකුටම වෙඩි තබා ඝාතනය කිරීමටද කටයුතු කර තිබිණි.

මේ කාලයේ ඉංග්‍රීසීන් මෙරට ඉඩම්, මෙරට වැසියන්ටම විකුණමින් ගල්කිස්සේ සිට කොටුව දක්වා ඇති මාර්ගය අසල තිබූ ඉඩම් අක්කරය සිලිම් පහේ වටිනාකමට වෙන්දේසි කළේය. එහෙත් ගාලුමුවදොර එසේ අලෙවි නොකර තබා ගන්නට ඉංග්‍රීසීහු උපක්‍රමශීලී වූහ.

කොළඹ කොටුවේ සිට පටන්ගත් ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ මුහුදුබඩ ප්‍රදේශ පුරා දිගින් දිගටම සිදු කෙරුණු අතර ඕලන්දයන් සතුව පැවැති බොහෝ ප්‍රදේශ තමන් සතුකර ගත් ඉංග්‍රීහු 1815 දී ලංකාවම යටත් කරගත්හ. එයින් පසුව සිය වාණිජමය අවශ්‍යතා පරිදි කොටු බැම්ම බිඳ දමමින් නගරය පුළුල් කරන්නට පටන් ගත්තේය. 1892 කොටු බැම්මේ අවසන් අදියරත් බිමට සමතලා කෙරුණේ ඒ අනුවය. එලෙසින් ගාලු මුවදොර කොළඹ කොටුවේ කොටසක් බවට පත්වුවද එය සාමාන්‍ය ජනයාට තහනම් කලාපයක් බවට පත්විය. ඉන්පසු බොහෝ කාලයකට පසු එනම් 1928දී එම ප්‍රදේශයට පය තබන්නට සාමාන්‍ය වැසියාට අවසර ලැබුණේය.

කිසිවකුගේ වැඩි භාවිතයකින් තොරව වේයන්ගේ රාජධානියක්ව පැවැති එම භූමියේ තැන තැන අහසට නැගි විශාල හුඹස්වලින් අඩුවක් නොවීය. මේ වේ හුඹස් කඩාබිඳ දමා මෙය තැනිතලා මනරම් භූමියක් බවට පත්කළේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ ධුර කාලය තුළදීය.

එඩ්වඩ් බාන්ස් යනු තුරඟ තරගවලට ඇබ්බැහි වූවෙකි. ඔහුගේ ප්‍රියතම විනෝදාංශය තුරඟ තරඟ නැරඹීමය. එනිසාම හෙතෙම මෙම බිම් තීරයේ සැතපුම් එකහමාරක තුරඟ තරඟ ධාවන පථයක්ද ඉදිකළේය. එදා තුරඟ තරග ආරම්භ කෙරුණු තැන අද ගෝල්ෆේස් හෝටලය දක්නට ඇත්තේය. තරග නැරඹූ ප්‍රභූන් රැඳී සිටි ස්ථානයේ අද ටාජ් සමුද්‍රා හෝටලය දක්නට ඇත්තේය. මෙය එදා හඳුන්වා ඇත්තේ රේස් බංගලාව යන නමිනි. එකල ගාලුමුවදොර තුරඟ තරඟ බලන්නට සියලු තරාතිරමේ ජනයා සැප්තැම්බර් වන තෙක් මඟබලා සිටියේ නොඉවසිල්ලෙනි. දිනපතා සවස තුනට තරඟ ඇරඹෙන අතර උත්සවය සතියක් පුරා පැවතිණි. ශ්‍රීමත් හෙන්ඩි්‍ර වෝඩ් ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුව මේ ගාලුමුවදොර ජනතාව විවේකයෙන් ගතකරන ස්ථානයක් ලෙසට නීතිගත කෙරුණේය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ගෝඨා හිට්ලර් වුණොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

‘2021 බැංකු සේවා සැපයුම්කරු’ ජනතා සම්මානය ලංකා බැංකුවට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.