ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව 2020 Development Financing Institute in Asia and the Pacific (ADFIAP) Sustainability Development සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. 43 වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, මේ වනවිට ලොව පුරා පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා අතථ්‍ය (virtual) උත්සවයක් ලෙස පැවැත්විණි.
මෙහිදී ‘විශිෂ්ටතම සංවර්ධන ව්‍යාපෘති සම්මාන’ යටතේ කුසලතා සම්මාන දෙකක් හිමිකරගැනීමට DFCC බැංකුව සමත් විය. මේ අතරින් ප්‍රථම සම්මානය, ‘මානව ප්‍රාග්ධන සංවර්ධන’ කාණ්ඩය යටතේ, DFCC බැංකුව ක්‍රියාවට නැංවූ ‘Together We Grow’ ව්‍යාපෘතිය වෙනුවෙන් හිමි වූ අතර දෙවැනි සම්මානය ‘ආයතනික ප්‍රජා සත්කාර’ කාණ්ඩය යටතේ, ‘සැමට ඉංග්‍රීසි’ ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන ලදී.